
(ප්‍රසාද් රුක්මල් )
ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා රාත්‍රී ධාවනය වීමට නියමිත ව තිබූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය,කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6079 මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6080 දරන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රිය, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7083 දරන රාත්‍රි තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7084 දරන රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට රබුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1144 දරන රාත්‍රී දුම්රියන් වල ගමන් වාර මෙසේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.පී.ජයසුන්දර මහතා සදහන් කළේය.
කලක් තිස්සේ පැවත එන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදීමට රජය මෙතෙක් ක්‍රියා කර නොමැති නිසාවෙන් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ගැටලු වලට වහාම විසදුම් ලබා දෙන ලෙසත් කඩිනමින් විසදුම් නොලැබුනොත් මෙම වැඩ වර්ජනය දිගටම කරගෙන යන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් නම් පුදුම කරුමයක්
දුම්රිය එක්කෝ පීලි පැනල , එහෙම නැතිනම් රියදුරු වර්ජන , නඩත්තු සේවක වර්ජන , ස්ථානාධිපති වර්ජන නිසා මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ , කරුණාකර දුම්රිය පරිපාලනය පමණක් (දේපල අයිතිය රජය යටතේ තබාගෙන ) වසර 5-10 කට පුද්ගලික අංශයට පවරන්න , වර්ජන කරන අය ඔක්කොම එලියට දමල අලුතෙන් සේවකයෝ අරන් මේක ක්‍රම ක්‍රමයෙන් ,ප්‍රතිව්‍යුහගත කරගන්න , සති 2 දුම්රිය දිව්වේ නැත කියල විශාල ප්‍රශ්නයක් නැහැ . මේ විදියට නිද්‍රාශීලී ලෙස දුම්රිය ධාවනය වන නිසා , දුම්රිය අද වෙලාවට ඒවිද නැද්ද කියල දන්නේ නැති නිසා මිනිස්සු මේක භාවිත කරන්න පස්ස ගහනවා , හොඳ සේවයක් මිනිස්සුන්ට දෙන්න මිනිස්සු ඒවි , ආදායම වැඩිවේවි , ඊට පස්සේ පුළුවන් පඩි වැඩිවීම් ගැන කතා කරන්න
CGR එකේ ඉන්නේ රටෙ කරුමෙට උපන් Team එකක්. මුන් කවදද වැඩ.... හැමදාම Strike.. strike.. strike...