දිවයින පුරා අන්තර් මෝසම් කාලගුණ තත්වයක් ස්ථාපිත වෙමින් පවතී. එබැවින් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරා තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි ය.

 ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී වන ලෙස ද, මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති බැවින්  ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 සැප්තැම්බර් 15 පෙරවරු 5:3024-houß-09-29 Town-09-29