දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී.
දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි ය.
දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ට විටින් විට පැයට කිලෝමීටර් 50-60ක් දක්වා තරමක තද සුළං ඇති විය හැකි ය. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාව පවතී.
ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී වන ලෙස ද, මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 සැප්තැම්බර් 15 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd