දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මඳ වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි ය.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.
ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd