දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 -60 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී.

මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල (විශේෂයෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල) සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 13 පෙරවරු 5:30

24-hrs-copy

Town-copy