දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විමට ඉඩ පවතී.
දිවයිනේ, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට වැඩි වීමට ඉහළ හැකියාව තව දුරටත් පවතී. සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 03 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd