දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පලාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවීමට ඉඩ පවතී.
දිවයිනේ, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි අතර වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ.
මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 02 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd