දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වල මිලි මීටර් 100ක් දක්වා තද වැසි ද බලාපොරොත්තු වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නිරිත දෙසින් හමන සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.

මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු වේ. ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස  ධීවර සහ නාවික  ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.