දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීඹට ඉඩ පවතී.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට තරමක් තද සුළං අපේක්ෂා කරයි. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමිටර් 30-40 ක් පමණ වේ. සුළ‍ඟේ වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී. එබැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 30 පෙරවරු 5:30