දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ පවතී.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං ඇති වේ. සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 30-40 ක් පමණ වේ. ඇතැම් විටෙක වේගය පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 27 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd