දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තවදුරටත් ඉහළ ‍යාමේ හැකියාවක් පවතී .  සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල රළු බවක් අපේක්ෂා කරයි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 25 පෙරවරු 5:30