දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතී.

දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  වාර කිහිපයක් ඇති වේ.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල  විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි වීමේ හැකියාව තව දුරටත් ඉහළ මට්ටමක පවතී. සුළං වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 24 පෙරවරු 5:30