දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ  පලාත් වල  විටින් විට වැසි  ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැක. සමහර ස්ථාන වලට තද වැසි (මි.මි 100 පමණ ) ද ඇති විය හැක.

දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකිය.

දිවයින  වටා මුහුදේ සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 40-50ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී සහ යාපනය සිට ත්‍රීකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-70 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත. එබැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික  ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.