දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැක. පුත්තලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නිරිත දිග සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව නිසා මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වැඩිවීමක් අපේක්ෂා කරයි. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. සුළ‍ඟේ වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යමට ඉඩ පවතී.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පඅයට කිලෝමීටර් 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තද රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මුහුදු ප්‍රදේශවල රළු වීම පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 19 පෙරවරු 5:43