දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවීමට ඉඩ තිබේ. කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරයි.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට මෝසම් සුළං වේගය වැඩි වේ. සුළඟ නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. ඇතැම් විටෙක වේගය පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇත.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 17 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd