තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය අධික වීමට ඉඩ පවතී. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර්  30-40 ක් පමණ වේ. ඇතුම් අවස්ථාවල වේගය පැයට කිලෝ මීටර්  60 දක්වා ඉහළ යාමට ඉඩ පවතී. එමනිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල රළු බවක් අපේක්ෂා කරයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 12 පස්වරු 12:16