තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කරයි‍. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. නිරිත දෙසින් හමන සුළ‍ඟේ වේගය පැයට කිලෝ මීටර 30-40ක් පමණ වේ. වේගය ඇතැම් අවාස්ථාවල පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇත. මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වෙතැයි අපේක්ෂා කෙරේ. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 10 පස්වරු 1:10 ( 2014 ජුනි මස 11 දා දහවල් දක්වා පැය 24ක කාලයට වලංගු වේ)