වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට තරමක තද සුළං පැවතීමට ඉඩ ඇත. නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ක් 40 ක් පමණ වේ. විටෙක වේගය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාමට ඉඩ තිබේ. එබැවින් දිවයින වටා මුහුදු තීරය විටින් විට තරමක රළු බවක් අපේක්ෂා කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 10 පෙරවරු 5:48


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd