තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වල මිලි මීටර 75ට වැඩි තද වැසි ඇති වීමට ඉඩ ඇත. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල විටින් විට හමන තරමක් තද සුළං පැවතීමට ඉඩ ඇත. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 09 පෙරවරු 5:53


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd