දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාතවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මිලි මීටර 100 ට වැඩි තරමක තද වැසි ඇති වීමට ඉඩ ඇත.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල හමන තරමක් තද සුළං ඇති වීමට ඉඩ ඇත. නිරිත දෙසින් හමන සුළගේ වේගය පැයට කිලෝ මීටර 20ත් 40ත් අතර වේ. කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක ඇතැම් අවස්ථාවල දී පැයට කිලෝ මීටර 60 ක් දක්වා ඉහළ යා හැකි බැවින් එවැනි අවස්ථාවල දී මුහුද රළු වීමේ හැකියාවක් පවතී.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූනි 06 පෙරවරු 5:42


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd