දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වල තරමක තද වැසි (මි.මී 75 ට වැඩි)  ද ඇති වීමට ඉඩ ඇත. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යනු ඇත.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව​ සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල විටින් විට හමන තරමක් තද සුළං ඇති වීමට ඉඩ ඇත. දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, අවට මුහුදු ප්‍රදේශ වල  ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර 50ක් 60ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ  ඇති  හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ රළු වීමට වැඩි හැකියාවක් පවතී .

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජුනි 05 පෙරවරු 5.15