දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි ය. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති වේ.
නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ.
මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 26 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd