දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල  තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල  විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති වේ.

නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇත.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 22 පෙරවරු 5:30

Town-08-22