දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථානවල මිලිමීටර්100කටවැඩි තද වැසි ද ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං බලාපොරොත්තු වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළයා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි ය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 19 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd