උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීම් 3ක් අද (2) කොළඹ දී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ අවට මාර්ග කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිතය.
විශ්‍රාමික ආබාධිත පොලිස් නිලධාරීන් පිරිසක් සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹ කොටුව ඕල්කට් මාවත පෙදෙසේ අද පෙරවරුවේ පැවැත්විණි. සිය විශ්‍රාම වැටුප් හා උසස්වීම් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටි අතර එම විරෝධතාවය හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබිණි.
මේ අතර වරාය වෘත්තීයවේදීන්ගේ එකමුතුව ද අද කොළඹ කොටුවේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි පින්වතෙක් සබන් ෂැම්පු දන්සලක්වත් ඔය කිට්ටුවෙන් දැම්මනම් හොදයි නේද .? (හේ)
මොනවා කිවුවත් ඔය ශිෂ්‍යයෝ එදා සිට අද දක්වා සටන් නොකළා නම් අද ඔය තරමට හෝ අධ්‍යාපනය ලබන්න බැහැ (නි)
ජය වේවා වෙනස සැපද.? (ර)
වෙනස් නැති කාලෙත් ඔය ප්‍රශ්න ඔය විදිහටම තිබුනනේ .... වෙනසේ සැපට තමා ... උද්ඝෝෂණ කරන්න ඔක්කොටොම නිදහස හම්බවෙලා තියෙන්නේ. (ර)
ඉස්සර ඔහොම ගියානම්... (ර)
මොලයක් නැති මිනිසුන්න්ට පෙනුනේ නැතිඋනාට, ආණ්ඩුව හැම දේම අනාගෙන.... (ර)
හර්ෂ ඔබ හරි, මේ සියලු ප්‍රශ්න ඇතිවුනේ මේ අවුරුදු 2ක් ඇතුළතද ? සයිටම් එක නීතිගත කලේ 2012 නේද? පොලිස් නිලධාරීන් ආබාධිත වුනේ 2009 ට පෙර නේද? වරාය එකමුතුව විරෝධතා පවත්වන්නේ දැන්ද ? 2014 හම්බන්තොටදී ප්‍රකෝටි ගණන් නාස්තිවෙද්දී මෙයාල හිටියේ කොහිද ? නිදහසක් ලැබුන පලියට රටට ඔලුව උස්සන්න ඉඩක් දෙන්නෙම නැත්ද.? (ර)
හර්ෂ ...එතකොට මීට වඩා නිදහස තියන නෝර්වේ , ස්ව්ස්ටේර්ලන්තය වගේ රටවල පාරේ බැහැල යන්න බැරිතරම් විරෝදතා ඇති නේද ? ඔයාල වගේ අයට මේ රටේ වෙන දේ තේරුම් ගන්න බැහැ . සාමාන්‍ය මිනිස්සුන්ට නම් දැනටම තේරිලා තියෙන්නේ . (ර)
මොලයක් නැති මිනිස්සුන්ට තමයි පසුගිය පාලනයේ අගය පෙනෙන්නේ ! (ර)
දර්ශන එතකොට සයිටම් එක අහෝසි කරනවා කිව්වේ කවුද? අබාධිත පොලිස් නිලධාරින්ට විශ්‍රාම වැටුප් එක්ක උසස්වීම් දෙනවා කියල පොරොන්දු වෙලා ඡන්දෙ ගත්තේ කවුද? වරාය විකුණනවා කියල ඡන්දෙට කලින් කිව්වද ? මෙන්න මේ වගේ අසාධාරණ හේතු නිසය් මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ. බැරි පොරොන්දු දීලා ඡන්දෙ ගත්ත උදවියට තාමත් කඩේ යනවද ? (බ)
උද්ගෝෂණ වලට ඉන්න කට්ටිය රටට වැඩදායී දෙකට ඉන්නේ නැහැ කාලය කාදමීමක්. (ර)
එදත් මේ නිදහසම තමා තිබුනේ එකනේ කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවා ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්ට පුළුවන් වගේ කතා බය නැතිව යුද්ධේ කාලෙත් කිව්වේ ඒවා අමතකද. (ර)
ලංකාවේ නම් ඉතින් උද්ඝෝෂණ නැති දවසක් නැහැනේ (නි)
සම්පත් පතිරණ, හිටපු ඒකාධිපතියාගේ කාලේදී මොළය තියෙන උදවියට වුණේ හොයාගන්න බැරි වෙන්නම සිය කැමැත්තෙන්ම අතුරුදහන් වෙන්න. අනේ මගේ කට. (නි)
ක්‍රිෂාන්ත, අනිවාර්යෙන්ම. මගේ පවුලේ කිසිම දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගන්නේ නැහැ. මගේ දරුවා ඉගෙනගන්නේ ඉංජිනේරුවෙක් වෙන්න මොරටුව විශ්ව විද්‍යාලයේ. එ්ත් සමස්ත දරුවන් වෙනුවෙන්ම මමත් ලංකාවේ හිටියා නම් ඔය උද්ඝෝෂණයට අනිවාර්යෙන්ම සහභාගි වෙනවා. ඒ හෙට උපදින දුප්පත් දරුවන් වෙනුවෙන් (නි)
අන්තරේ මොන ආණ්ඩුව තිබුනත් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් පෙනීසිටියා. සයිටම් දොස්තර උපාධියට විරුද්ධව එදා වගේම අදත් හෙටත් සටන් කරනවා. මේ සටන දිනලා මිසක් ඔවුන් අත්හරින්නේ නැහැ. සමස්ත අහිංසක රෝගී ජීවිත බේරාගැනීම සැමගේ වගකීමක්. (නි)
අපමණ අගයක්....(බ)