මුදල් අමාත්‍යවරයා අත්තනෝමතිකව ආර්ථිකය හැසිරවීමට යාමෙන් නූල කැඩුණු සරුංගලයක් ලෙස ආර්ථිකය අද ඉබාගාතේ පාවෙන්නට පටන් ගෙන ඇතැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) බොරැල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී කීවේය.
මේ අවුල ලිහා ගන්නට බැරි ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊය ඕව අපට කියන්න එපා. චීන බාසාවෙන් චීනුන්ට කියන්න (බ)
මෙයා නේද අර රුපියල් 2500 හතර දෙනෙකුට හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කිවුවේ? ඉතින් තව මොන කතාද? මුළු රටම දන්නවා ඔබතුමා කවුද කියලා (නි)
රටේ ආර්ථිකය ගැන බලන්න වෙලාවක් කොයින්ද? තමන්ගේ පැවැත්මට ක්‍රම හදාගන්නනේ ආණ්ඩුවට වෙලාව යන්නේ (නි)
ඉල්ලා අස්වෙන්න ඕන නැහැනේ.... ඔයාල එකතු වෙලා ආණ්ඩුව පෙරලන්කෝ... නිකන් බලය හිගා කන්නේ නැතිව..(බ)
මොනවා කියනවද, ඉස්සර 2500 කන්න කියපු හැටි මතක් වෙනකොට පාවෙන ආර්ථිකේ හොඳයි මහත්තයෝ (බ)
මෙයාගේ නුල කැඩුනේ මහින්ද්ගේ කාලේනේ. එ්කනේ ඒ කාලේ අධ්‍යාපනය විකෘති කළේ (බ)
සරුංගලයේ නූල කැඩුනේ කොහොමද කියලත් අත්දැකීමෙන් දන්නවා ඇතිනේ (නි)
දැන් එතකොට මාසෙකට ජීවත් වෙන්න කීයක් ඕනද බන්දුල මහත්තයෝ. (බ)
ඒකාලේ චීන නුලේ අපි එල්ලිලා හිටියේ ණය ගෙව්වෙත් ණයට අරගෙන බව සර් ට මතක නැහැ වගේ (බ)
සුසන්ත දන්න දෙයක් කියන්න (නි)
මෙයා ගැන අපි දන්නවනේ කොහොමත් ඉතින්... (නි)
අද ඔක්කොම ඔහේ පාවෙනවා (නි)
නුල කැඩිලා නෙමෙයි . ලිහාගන්න බැරි විදියට පටලවාගන (බ)
රටට මේ වගේ තත්ත්වයක් උදා වෙන්න කටයුතු කළේ ආණ්ඩු , විපක්ෂ දේශපාලක ඔයලානේ . අපි නෙවේනේ. (අ)
අදහස් දාල තියන සමහරුන්ට රනිල් මොනා කළත් සුවඳයිලු. (බ)
ඔක්කොම හොද ප්‍රතිපල දකුණට දාල මෙයා මහින්දගෙන් ලකුණු ගන්න ගියා පහේ හපන්නු ටිකට කරපු හදියක් (බ)
සුසන්ත , අපේ මහබැංකු වාර්තා පිළිගන්න පුලුවන්ද යාළුවා. දන්නවනේ මහබැංකුවේ ලොක්ක හිටියේ කාගේ සක්කුවේද කියල ? එයාගේ වාර්තා අනුව ලංකාවේ ආර්ථික වර්ධන වේගය චීනෙටත් ඉන්දියාවටත් වඩා වැඩිනේ . ඉතින් කොහොමද වැඩේ ? අර්ථිකය නම් වර්ධනය වුණ සුළු පිරිසකගේ රටේ සල්ලි සාක්කුවට ගෙන. (අ)
හරියට හරි මොහාන්. (අ)
ඉන්න සෙට් එක දැක්කම පේනවා නුල කැඩිලා පාවෙනවා කියල.රවී ගේ නම අල්ලාගෙන පාර්ලිමේන්තුවේදී ඉල්ලන් කාපු හැටි දැක්ක. (බ)
නූල කැඩිලා ගොඩාක් කල්. දැන් පාවෙනවා. ළඟදීම කඩා වැටෙනවා (නි)
කතාව හරි. (නි)
බන්දුල මහත්තයා හැමදාම කතාකරනවා. අනේ මන්දා මට නම් දැන් අහලම එපාවෙලා (නි)
අපිට නම් පෙනෙන්නේ අද ආර්ථිකය,"ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ" (නි)
රවී කරුණානායකට මුදල් ඇමතිකම දීම ජනතාව බලාපොරොත්තු වුණේ නැති දෙයක් (නි)
නූල විතරක් නෙවෙයි,කොළෙත් ඉරාගන වටේ යනවා.(හේ)
තේරුම් ගන්න. සතොස ගොඩගත්තේ මෙතුමා. දැන් ඉන්න කට්ටිය මේ අවුරුද්දේ මොනවාද කළේ? පටන්ගත් වැඩත් නැවතුනා නේද?
යුද්ධයෙන් පස්සේ හැම අවුරුද්දකම ආර්ථිකය 5% කට වඩා වැඩියෙන් දියුණු වුණා, මහින්දගේ යටතේ. ඒක මේ ආණ්ඩුවේ මහා බැංකු වාර්තාවෙනුත් පිළිගත්තා. එහෙව් ආර්ථිකයක් තමයි අද ආපස්සට යන්නේ. අහෝ ලංකාව! (නි)