
(බිමල් ශ්යාමන් ජයසිංහ)
හොරණ ප්රදේශයේ ප්රසිද්ධ පාසලක අතුරුදන් වූ 16 හැවිරිදි සිසුවා ගේ මළ සිරුර මොරටුව මාදංගාවත්ත වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එලෙස මියගොස් තිබුණෙෙ මියුරු නිම්සර නැමති සිසුවෙකි.
ඔහු මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකි.
ප්රදේශවාසීන් විසින් මළ සිරුර දැකීමෙන් අනතුරුව 119 හදිසියේ ඇමතුම් ඒකකය හරහා පොලිසිය දැනුම්වත් කිරීමෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
මෙම සිසුවා ඉකුත් 25 නිවසින් පිටවී ඇත්තේ හොරණ ප්රදේශයේ සම්මන්ත්රණයට සහභාගි වීමට යන බව පවසා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මව්පියන් විසින් සිසුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වෙතද පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd