සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අස්සන් කර නැති කමිටු සාමාජිකයින් දෙදෙනා එසේ අස්සන් නොකිරීමට වහා හේතු දැක්විය යුතුයැයි පැෆරල් සංවිධානය කියයි.
ඔවුන්ට එම වාර්තාවට අස්සන් නොකිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, එසේ කිරීමට හේතුව එම කමිටුවට සහභාගි නොවීම හෝ වාර්තාව හැදූ පසු එය සභාතිවරයා සහ අනෙක් කමිටු සාමාජිකයින් දෙදෙනා විසින් එය වෙනස් කිරීම නිසා ද යන්න මේ දෙදෙනා හෙළි කළ යුතු යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පැවැසීය.
කෙසේ වෙතත් කමිටු වාර්තාව ගැසට් කිරීම විෂය භාර ඇමතිවරයාගේ වගකීම වන බැවින් කමිටුවේ අඩුපාඩුවක් ඇත්නම් එයට වගකිව යුත්තේ ද අමාත්‍යවරයා ම බව තමන්ගේ අදහස යැයි ද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අස්සන්කොට ඇත්නම් එය පිළිගත හැකි වාර්තාවක් බැවින් වාර්තාව අමාත්‍යවරයාට අවශ්‍ය නම් භාර ගැනීිමේ හැකියාවක් ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අර්බුදයේ දී විෂය භාර ඇමතිවරයා මෙන්ම අගමැතිවරයා ට හෝ ජනාධිපතිවරයාට ද නිහඬව සිටිය නොහැකි යැයි ද උවමනාව ඇත්නම් ඊට මැදිහත්ව කමිටු වාර්තාව ගැසට් කිරීමට ඔවුන්ටද හැකියාව ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය, විනිවිදභාවය කියා බොරු බේගල් ඇදබාන මෙම ආණ්ඩුවේ මෙම ක්‍රියාව ඉතාම ලැජ්ජාසහගතයි. (නි)
අත්සන් නොකළ දෙන්නගෙන් එක්කෙනෙක් යුඇන්පී නියෝජිතයෙක් නේද? එ්කෙන්ම පෙනෙනවානේ මෙය පිටුපස ඇති තත්වය. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මොනවා හොය හොයා ඉන්නවද, වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවා මිසක් (නි)
මේ තමයි යහපාලනය! (නි)
සුපුරුදු ලෙස ජනතාව හැමදාම ගොනාට අැන්දුවාට, මේ යන විදිහට බහුතර විචක්ෂණශීලින් විසින් මෙදා පාර නම් මේ අය සියල්ලන්ම ගෙදර යන බව නම් සැබවි. (නි)