IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අත්වැරදීම් හදාගන්න යි ඩිල්ෂාන් සගයන්ට කියයි

පසුගිය තරග සංචාරවල සිදු වු වැරැදි නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස හොඳින් කී‍්‍රඩා කරමින් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණය ලබා දීම දකුණු අප‍්‍රිකානු තරග සංචාරයේදී සිය අපේක්‍ෂාව බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. ශ්‍රී ලංකා ටෙස්ට් පිල, දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට ඊයේ (5) පිටත්ව යාමට පෙර කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී තෙරුවන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ඩිල්ෂාන් මේ බව පැවසීය. සිය නායකත්වයට තර්ජනයක් නොමැති බව පැවසු ඩිල්ෂාන් තමාගේ පෞද්ගලික අපේක්‍ෂාව නැවත පිතිකරුවකු ලෙස ලකුණු අතරට එමින් කණ්ඩායමේ පිතිකරු අංශය ශක්තිමත් කිරීම බවද පැවසීය. -දකුණු අප‍්‍රිකාව සමග ක‍්‍රීඩා කරද්දී පසුගිය තරග සංචාරවල වුණ අත් වැරැුදීම් හදාගෙන ක‍්‍රීඩා කරන්න  ඕනේ. දැන් කණ්ඩායමක් හැටියට සුදානමත් හොඳයි. අපට දකුණු අප‍්‍රිකාවේ ගිහිල්ලා දවස් 10 ක් විතර තිබෙනවා පළමු ටෙස්ට් තරගය සඳහා තණතිලිවලට හුරු වෙන්න. එකම පුහුණු තරගය අපට වැදගත් වෙනවා. පළමු ටෙස්ට් තරගයට පෙර පුහුණු තරගයෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්න  ඕනේ” යැයි ඩිල්ෂාන් පැවසීය. ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය පිළිබඳව ඩිල්ෂාන් පවසන්නේ දක්‍ෂතා අතර සිටි වේගපන්දු යවන්නන් කීප දෙනකුම ආබාධවලට ලක්වී සිටියත් කණ්ඩායමට එක්වී ඇති පන්දු යවන්නන් තරගයක් ජය ගන්නට හැකි පිරිසක් බවයි. දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව තරගයක් ජය ගැනීමට නම් සෑම ක‍්‍රීඩකයකුම වැරැදි අඩුවෙන් කළ යුතු බවත්, ඒ තුළින් දකුණු අප‍්‍රිකානු පිලට අභියෝගයක් විය යුතු බවත් ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි. -ඔවුන් මේ වන විට හොඳට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක එකේ දෙකේ සිටින කණ්ඩායමක්. එනිසා අපේ වැරැුදි අඩුපාඩුකම් හදාගෙන ක‍්‍රීඩා කරන්න  ඕනේ. දකුණු අප‍්‍රිකාව වගේ කණ්ඩායමක් සමග ක‍්‍රීඩා කිරීමේදී සෑම ක‍්‍රීඩකයකුම වැරැුදි නොකරම ඉන්නයි වග බලා ගන්න  ඕනේ. ඒ අනුව ඔවුන්ට හොඳ තරගයක් දෙන්නයි අවශ්‍ය යැයි” ඩිල්ෂාන් පැවසීය. දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව මේ මස 9 වැනිදා ශ්‍රී ලංකා පිල එකම තුන්දින පුහුණු තරගයට සහභාගිවෙයි. ඩිල්ෂාන් පවසන්නේ එම තරගය ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ජයග‍්‍රාහී මානසිකත්වය ඇති කිරීමට පිටුවහලක් වන බවයි. -කී‍්‍රඩකයන් හොඳ පුහුණුවකින් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. පුහුණු තරගයේදී පිතිකරුවන් ශක්තිමත් වුණොත් හොඳ ආරම්භයක් ලැබුණොත් මානසිකත්වය ඉහළ යා හැකියි. පළමු ටෙස්ට් තරගයට පෙර විය යුත්තේ එයයි.” පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු අතර සිටි පිතිකරුවා වුයේ හිටපු නායක කුමාර් සංගක්කාරයි. සංගක්කාර පවසන්නේ ටෙස්ට් තරගාවලියේ පිතිහරඹයේදී පළමු ඉනිමේදී 350 කට වැඩි ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීම ශ්‍රී ලංකා පිලට අවශ්‍ය බවයි. -දකුණු අප‍්‍රිකාව හොඳ කණ්ඩායමක් පළමු සතියේ පුහුණුවෙලා එම තණතිරුවලට හුරුවී මානසිකත්වයත් හඳා හඳුනාගන්න  ඕනේ” යැයිද සංගක්කාර පැවසීය. -නවකයන්ට ආදර්ශයක් වීමට නම් පිටිය තුළදීත් පුහුණුවීම් වලදීත් සැමවිටම කැපවීම අවශ්‍යයි. තරගවලදී පිතිකරුවන්, පන්දු යවන්නන් අසාර්ථක වෙනවා. සමහර තරගවල ලකුණු හොඳින් කඩුලූ ලබනවා. ඒක තමයි ක‍්‍රීඩාවේ ස්වභාවය” -කොච්චර අසාර්ථක වුණත්්, සාර්ථක වුණත් අපි සැලැස්මකට අනුව කටයුතු කරන්න  ඕනේ. අසාර්ථක වෙද්දි වෙනස් කරන එක හෝ සාර්ථක වෙද්දි වෙනස් කරන එක නෙමෙයි වෙන්න  ඕනේ ඉදිරියට යා හැකි සැලැස්මක් සැකසීමයි කළ යුත්තේ” යයිද සංගක්කාර පැවසීය. තණතීරුවලට හැඩ ගැසී දකුණු අප‍්‍රිකානු වේග පන්දු බල ඇණියට මුහුණ දීම කළ යුතු බව සංගක්කාර පවසයි. -දකුණු අප‍්‍රිකාවේ හෙඳින්ම පන්දු යවන්නේ වේග පන්දු යවන්නන්. ඒක අපට අලූත් දෙයක් නොවෙයි. අපි මුලින්ම කළ යුත්තේ එහේ තණතීරුවලට හැඩ ගැසීමයි” ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් හොඳ මානසිකත්වයකින් සිටින බවත්, නව බලාපොරොත්තුවකින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගිවන බවත් ඔහු පැවසීය. -පරදින අවස්ථාවලදී ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය ඔවුන්ම හඳා ගැනීම අවශ්‍යයි. නව සංචාරයක් කියන්නේ තවත් අවස්ථාවක්. එය පන්දු යැවීමට, පිතිකරණයට, පන්දු රැුකීමට යන සියලූ අංශයන්ට අභියෝගයක් වගේම අවස්ථාවක් කියන දේ හිතාගෙන ආශාවෙන්, කැපවීමෙන් ක‍්‍රීඩා කළ යුතුයි” කණ්ඩායමේ සංයුතිය පිළිබඳව සංගක්කාර මෙසේ අදහස් දැක්වීය. -කණ්ඩායමේ සංයුතිය හොඳයි. අවාසනාවට අපට දඟ පන්දු යවන්නෝ දෙන්නයි ගෙනියන්න වෙන්නේ. සමහර වෙලාවට ඒ තණතිරු දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය නැතිවෙයි. රංගන හේරත් තමයි අපේ පළමුවන පන්දු යවන්නා වෙන්නේ ඔහු වටේටයි අනිත් දඟ පන්දු යවන්නන් පෙළ ගැස්වෙන්නේ. අජන්ත මෙන්ඩිස් අනෙක් කී‍්‍රඩකයායි.” -පිතිකරුවන් අතර ලකුණු 100 ක් ලබා ගන්න කී‍්‍රඩකයන් සිටියි. කිසිම පිතිකරුවකුට ලකුණු 100 ක් ලබා ගන්න බැරි වෙන්නත් පුළුවන්. එසේ වුවත් අපට ලකුණු 350, 400 ලබා ගැනීමට පුළුවන්නම් එය වාසියක් වෙයි.” එක්දින තරගාවලියේදී වෙනත් කඩුලූ රකින්නකුට අවස්ථාව ලබා දීමට හැකියාවක් තිබුණොත් ඒ පිළිබඳව පැවසුවේ තමන්ට වඩා දක්‍ෂ  ඕනේම කී‍්‍රඩකයකුට ඒ අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි. ටෙස්ට් තරග තුනකින් සහ එක්දින තරග පහකින් සමන්විත දෙරට අතර තරගමාලාව මේ මස 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගාවලියෙන් ඇරඹෙයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තෙරුවනේ ආශිර්වාද ලබා ගත් අවස්ථාව.....ඩිල්ෂාන් අදහස් දක්වමින්...



අදහස් (0)

අත්වැරදීම් හදාගන්න යි ඩිල්ෂාන් සගයන්ට කියයි

නිමල් Thursday, 08 December 2011 03:12 AM

ක්‍රීඩකයෙක් තමන්ගෙ වැරැදි හදාගන්නව නම් එයා තමයි ජයග්‍රහණයට ලොකු පිටුවහලක් වෙනවා නියතයි

:       0       0

සිසිර කුමාර Tuesday, 06 December 2011 05:29 PM

අපි යළිත් බලා සිටිනවා, දිල්ෂාන් සමග පිරිවරට අඩුම තරමේ හොද තරගාවලියක් නිමවයි කියලා. කොහොම වුණත් සියලු දෙනාම හොදින් ක්‍රීඩා කළොත් ජය අපිටයි

:       0       0

අජිත් Tuesday, 06 December 2011 08:56 PM

වරැදි හදාගන්න එක හොද ආදර්ශයක් තරුණ අයට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ජය පැරදුම කෙසේ වෙතත් හොදට තරගයක් දෙන්න පුලුවන්. එතකොට ක්‍රීඩාලෝලි අපටත් හිත හදාගන්න පුලුවන්

:       0       0

ඔසද Tuesday, 06 December 2011 11:08 PM

සුභ ගමන්. ජයවේවා! හොදට සෙල්ලම් කරන්න ශක්තිය ධෛර්්‍යය ලැබේවා

:       0       0

රියාස් නයීම් Tuesday, 06 December 2011 11:13 PM

සුභ පැතුම් අපේ කොල්ලන්ට

:       0       0

සුරංග Tuesday, 06 December 2011 11:55 PM

So....stand up for the champions For the champions stand up Stand up stand up For the champions for the champions Stand up for the champions For the champions stand up Stand up stand up For the champions for the champions Stand up!!!!!!!!!!

:       0       0

සම්පත් Wednesday, 07 December 2011 09:07 AM

ක්‍රිකට් පරිපාලනය නිසා තමයි ඔක්කොම

:       0       0

දහම් තේමිය Wednesday, 07 December 2011 12:41 PM

දිල්ෂාන් ඔයා ඇතුලු අපේ කණ්ඩායමට අපි හදවතින්ම සුබ පතනවා. ඔයාලා මේ පාර අනිවාර්යෙන් හොදට සෙල්ලකම් කරනවා. ඒක මට විශ්වාසයි

:       0       0

ඉන්දික අසිත Wednesday, 07 December 2011 02:04 PM

පකිස්ථානෙත් එක්ක මැච් ගහන්න ඩුබායි වලට යන්න කලිනුත් කිව්වෙ ඔය වැදි බණ ටිකම තමා. කමක් නෑ තව පාරක් වත් බලමුකෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 23 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 81 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 199 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 916 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 977 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 237 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1235 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site