ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අතරමැදි බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් තුරුලිය ක‍්‍රීඩා සමාජයේ දිල්හාරා අබේවර්ධන ද සම්මාන ලැබුහ.
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් තරග කළ විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනාගොඩ එහි අවසන් තරගයේදී ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජයේ කොතලාවල විද්‍යාපීඨයේ එල්. එම්. සුදුවැලිකන්ද පරදවා ලකුණු 14/13 ක තියුණු ජයක් ලැබීය. සුදුවැලිකන්ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය.
කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ (කාන්තා) අවසන් තරගයේදී යුද හමුදා ක‍්‍රීඩා සමාජයේ එන්.ඞී.ප‍්‍රනාන්දු ලකුණු 30/28 කින් පරදවා දිල්හාරා විශිෂ්ට ජයක් ලබා ගත්තාය.
දිල්හාරා හමුවේ තියුණු තරගයකින් පසුව පරාජය වු ඞී. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී තේරීපත් වුවාය.
පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලියට වයස 17-34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 272 දෙනෙක් සහභාගි වුහ.


2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතරමැදි බොක්සිං තරගාවලිය - 2012