IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදහන්වූවන් ගැන සෙවීමට කාර්යාලයක්

අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ 20,000කට අධික පිරිසක් අතුරුදහන්ව ඇති බවට වාර්තා වන අතර ඔවුන් පිළිබඳව සොයා බලා පරීක්ෂණ සිදුකිරීම මෙම කාර්යාලය විසින් සිදුකරනු ඇත.
අතුරුදහන්වූ පුද්ගලයින්ට වන්දි හෝ වෙනත් සහනයන් ලබාදීම සහ සොයාගත නොහැකි පුද්ගලයින් හා සම්බන්ධ සිදුවීම් වලට විසඳුම් ලබාදීම පිණිස බලධාරීන් වෙත නිරේදේශ ඉදිරිපත් කිරීම ද මෙම කාර්යාලය මගින් සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

අතුරුදහන්වූවන් ගැන සෙවීමට කාර්යාලයක්

බමුණුසිංහ Friday, 27 May 2016 01:08 PM

2009 යුද්ධයේදී අතරමංවූවන් සොයන්නට නම් කාර්යාල දාලා බැහැ. (නි)

:       0       0

ධම්ම Friday, 27 May 2016 04:19 AM

අනේ හොඳයි. 1971 කැරැල්ලේදී අතුරුදන් වූ මගේ අයියා පිළිබඳවත් තොරතුරු සොයාගත හැකිවේවි. (නි)

:       0       0

රවීන් Friday, 27 May 2016 05:24 AM

එ්ක හොඳ අදහසක්. ඔන්න ආවා තැනට. ජාත්‍යන්තර කට්ටිය ඉත්තා කරගෙන ඒ ඒ රටවලට පැනලා වෙනත් නම්වලින් හැංගිලා ඉඳගෙන මෙහෙ අයට බොරු කියන අයට දෙන්න අවස්ථාවක්. මේ ළඟදිත් එක්කෙනෙක්ව භාරත දේශයේදී හම්බවුණාලු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site