අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ 20,000කට අධික පිරිසක් අතුරුදහන්ව ඇති බවට වාර්තා වන අතර ඔවුන් පිළිබඳව සොයා බලා පරීක්ෂණ සිදුකිරීම මෙම කාර්යාලය විසින් සිදුකරනු ඇත.
අතුරුදහන්වූ පුද්ගලයින්ට වන්දි හෝ වෙනත් සහනයන් ලබාදීම සහ සොයාගත නොහැකි පුද්ගලයින් හා සම්බන්ධ සිදුවීම් වලට විසඳුම් ලබාදීම පිණිස බලධාරීන් වෙත නිරේදේශ ඉදිරිපත් කිරීම ද මෙම කාර්යාලය මගින් සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 යුද්ධයේදී අතරමංවූවන් සොයන්නට නම් කාර්යාල දාලා බැහැ. (නි)
අනේ හොඳයි. 1971 කැරැල්ලේදී අතුරුදන් වූ මගේ අයියා පිළිබඳවත් තොරතුරු සොයාගත හැකිවේවි. (නි)
එ්ක හොඳ අදහසක්. ඔන්න ආවා තැනට. ජාත්‍යන්තර කට්ටිය ඉත්තා කරගෙන ඒ ඒ රටවලට පැනලා වෙනත් නම්වලින් හැංගිලා ඉඳගෙන මෙහෙ අයට බොරු කියන අයට දෙන්න අවස්ථාවක්. මේ ළඟදිත් එක්කෙනෙක්ව භාරත දේශයේදී හම්බවුණාලු නේද? (නි)