(සිරාජ් හසීම්)
ආරක්ෂක හමුදාවන්ට බාරවීමෙන් හා පැහැරගැනීම්වලින් අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගත යුතු බවත් ඒවාට සම්බන්ධ පිරිස් නීතිය ඉදිරියට පමුණවා අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරලිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
හෙට(30) වැනිදා ට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මේ බව සදහන් කළේය.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන් වෙනුවෙන් ද තවත් ජාත්‍යන්තර දිනයකට මුහුණ දීමට සිදුව තිබීම ශෝකයට හා කණගාටුවට කරුණකි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූ ජනතාව දහස් ගණනක් මේ රටේ සිටිති.
පසුගිය වසර කිහිපය පුරාම අතුරුදහන් කරනු ලැබුවන්ගේ පවුල්වල අය විසින් අප රටේ විවිධ ප්‍රදේශවලදී සාමකාමී උද්ඝෝෂණ පවත්වා ඇත. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඔවුහු තවමත් අඛණ්ඩ උද්ඝෝෂණවල නියැලෙමින් සිටිති. ඔවුන් සෑම දෙනාම ඉල්ලා සිටින්නේ, තම ආදරණීයයන්ට සිදු වූ දෙය පිළිබඳව සත්‍යය අනාවරණය කරන ලෙසයි. සන්නද්ධ අරගලය වසර අටකට ඉහත දී නිමා වුවද, අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුවට මේ වන තුරුම සතුටුදායක ලෙස සාකච්ඡාවට ලක් කර නොමැත.
ලොව පුරා ඇති, තම සාමාජික රටවල් ගණනාවකටම මෙය බරපතල ගැටළුවක් බවට පත් වෙමින් පවතින බැවින්, 2010 දී පවත් වන ලද එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී, ඔවුන් විසින් සම්මත කරගනු ලැබූ යෝජනාවක් මඟින් මේ සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බව දක්වා ඇත. ශ්‍රී ලංකාව තුළ සිටින අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයට තම ආදරණීයයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරලීමටත් ඔවුන් පිළිබඳ සත්‍යය දැන ගැනීමටත් ඇති අවස්ථාව වසර ගණනාවක් තිස්සේ අහිමි කර තිබීම පිළිබඳව සඳහන් කිරීමට ලැබීම කණගාටුදායකයි.
මෙම වැදගත් කාරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලැබූ අයට, පැහැර ගනු ලැබූ අයට හා අතුරුදහන් කරනු ලැබූවන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාව දැනගත යුතුය. එය ඔවුන්ට ඇති අයිතියකි. මෙම මූලික අයිතිවාසිකම පැහැර හැරිය නොහැක. එමෙන්ම, වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවීමටත්, ඒවාට ගොදුරුවූවන්ට යුක්තිය ඉටු කරලීමටත්, අනාගතයේදී මේ රට තුළ සිදුවන බලහත්කාරයෙන් කරනු ලබන අතුරුදහන් කරවීම් වළක්වාලීමටත් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට අපි රජයෙන් ඉල්ලා සිටිමු.
තවද, මේ රටේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙසටත්, මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී ඇති පොරොන්දු ඉටු කරවීමටත් කටයුතු කරන ලෙසටත් අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිකන් ලකුණු ගන්න කහිනවා, අතුරුදහන් වුවන් ගිහින් සොයන්න යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ.
ඔය යුක්තිය ඉල්ලන්නේ අර කොටින්ට යටත් වෙලා සමුහ මිනිවලේ අතුරුදහන් වුන පොලිස් නිලධාරීන් 600 ටත් එක්කද ? ඔය ගොල්ල කියන අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගෙන් වැඩි හරියක් බටහිර රටවල ජිවත් වෙනවා , සමහරු බටහිර රටවල පුරවසිභාවයත් අරන් ලංකාවට යනවා එනවා , යුද්ධේ ඉවරවෙලා දැන් අවරුදු 8-9 විතරවෙලා , , දැනට අවරුදු 7-8 විතර ඉඳන් ප්රභාකරන් නිසා විනාශවෙලා තිබුන උතුරේ පාසල් පද්ධතිය නැවත ක්‍රියාත්මක වෙනවා , තව අවරුදු 5-6 යනකොට උතුරේ තරුණ තරුණියන්ගෙන් විශාල පිරිසකට හොඳ අධ්‍යාපනයක් ලැබී බුධිමත් තරුණ කොට්ටාශයක් උතුරෙන් බිහිවෙනවා , එතකොට දේශපාලයේදී ජාතිවාධය මර්කෙට් කරන්න බැරි වෙනවා ,දැන් ඔය බොරු විකාර නවත්වල උතුරේ ජනතාවගේ ජිවන තත්වය නංවන්න උතුර සංවර්ධනය කරන්න උනන්දු වෙන්න, නැත්නම් වෙන්නේ ඉදිරියට පැරදිලා ගෙදර ඉන්න
ඒ කියන්නේ කවුරුත්ම අතුරුදහන් වෙලා නැහැ ????
සරණාගතයන් වශයෙන් යුරෝපෙට අපු බොහෝදෙනෙක් තමන්ගේ නිතියනුකුල ලිය කියවිලි විසිකරලා දමල බොරු නම් වලින් දේශපාලන රැකවරණ වලට ඉල්ලුම් කරනවා , ඊට පස්සේ විස ලැබුනම එම බොරුනමට හරියන විදිහට හොර උප්පැන්න සහතික හදවාගෙන ලංකාවේ පාස්පෝර්ට් එකත් ගන්නවා , සමහරු තානාපති කාර්යාලයේ වැඩ කරන සුළු නිලධාරීන්ට පගාවක් දීල වැඩ කරවගන්නවා , ලංකාවෙන් තානාපතිවරයෙක් විදිහට පත්කරලා එවන්නේ බොහෝවිට පරණ දේශපාලකයෙක් , එහෙම නැත්නම් දේශපාලන හිතවතෙක් වැනි කෙනෙක් මොවුන්ට තානාපති සේවයේ කිසිම පලපුරුද්දක් නොමැත , එමනිසා සුළු නිලධාරීන්ට ඕනේ ඕනේ විදිහට වැරදි වැඩ කලහැක , පසුකාලයකදී අරපුද්ගලයාගේ නියම නම අතුරුදහන් වුවෙකු ලෙස ජිනීවා වල කොටි සංවිධානය විසින් ලියාපදිංචි කරනවා , ඊටපසු ආණ්ඩුවෙන් ඔහුගැන විස්තර ඇහුවහම , දෙන්න උත්තර නැත , මේ තත්වයට පවතින ආණ්ඩුවත් පසුගිය කලේ තිබුන සියලු අාණ්ඩුත් වගකිව යුතුය , හැමෝම දැන දැනම මේ වරද කරනවා .