IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදන්වූවන් වෙනුවෙන් ‘නොදුටු සහතික‘ එයි

අතුරුදන් වූ තැනැත්තන් වෙනුවෙන් නොදුටු සහතික නිකුත් කිරීම ළඟදීම ඇරඹිය හැකි වනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම සහතික ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එහි ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා භාර දී ඇති බැවින් අද හෙටම නිකුත් වනු ඇතැයි ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අද(26) පැවැති දිසා ලේකම් සමුළුවේදී පැවසීය.

මේ සඳහා ක‍්‍රියා කරන ව්‍යවස්ථාපිත අධීකාරියක් පිහිටුවීමට නියමිත අතර ව්‍යවස්ථාදායක සභාව මගින් ඒ සඳහා සභාපතිවරයෙක් පත් කිරීමට නියමිතව ඇතැයි ද කී අමාත්‍යවරයා අතුරුදන් වූවන් වෙනුවෙන් මෙම අධිකාරිය මගින් නීත්‍යනුකූල කටයුතු ඉටුකොට නොදුටු සහතික නිකුත් කරනු ඇතැයි සඳහන් කළේය. 

මේ අතර අතුරුදන් පුද්ගලයින් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවත් පසුගිය සමයේ අතුරුදන්වඇති බවට හෝ සොයාගත නොහැකි බවට වාර්තාවන පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මේ අතර ‘නිල මෙහෙවර - සහන සේවය‘ තේමාව යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පූර්ණ මෙහෙයවීමෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ආපදා තත්ත්වයට පත් ජනතාව වෙත ලැබුණු ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු ඇමැති හා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද පැවැත්විණි.

 

independence_2016526 independence_20165262 independence_20165263

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

DSC_1237 DSC_1267 DSC_1274

ඡායාරූප හා වීඩියෝ - ඉසංක සුනිමල්



අදහස් (0)

අතුරුදන්වූවන් වෙනුවෙන් ‘නොදුටු සහතික‘ එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site