( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ අතුරුදහන්ව සිටි ඥාති දරුවන් දෙදෙනකු කොළඹ දි සොයා ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව සිටියේ කිවුල තරුණ ව්‍යාපාරය පදිංචිව සිටි කිවුල මහා විද්‍යාලයේ 7 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි කේ. අදිෂ නිම්සර , සහ කේ ධනංජය ලක්මාල් නැමති දරුවන් පොලිසිය කියයි. ඔවුන් ඊයේ (09) රාත්‍රියේ කොලඹදී සොයාගෙන ඇත.
මෙම දරුවන් කිවුල තරුණ ව්‍යාපාරයේ සුචරිත වර්ධන දහම් පාසල ට ඉරුදින ගොස් ඇති බවත් ඉන් පසුව ඥාති සොහොයුරන් නිවසේ සිටියදි එකවර අතුරුදහන්ව සිටි බව දෙමාපියන් පවසයි.
කෙසේ නමුත් මෙම දරුවන් සොයා ඥතින් සහ විවිධ පිරිස් විවිධ ස්ථාන වලට ගොස් සොදිසි කර තිබුණද හමුවී නොතිබන අතර පසුව (9 ) දින රාත්‍රියේ කොළඹ වෙල්ල විදියේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිළධාරින් හට මෙම දරුවන් හමුව තිබු අතර මෙම දරුවන් ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කිරිමේන් පසුව දෙමාපියන්ට භාර දිමට කටයුතු කරන බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැදෙන එවුන්නම් කටේ කිරි සුවද යන්නත් කලින් කරන්නේ හරිම හිතුවක්කාර වැඩම තමයි.