ඔලුවිල් වරායෙන් ධීවර කටයුතු සදහා ගොස්   දින 18ක් තිස්සේ අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හතර දෙනෙකු මාලදිවයින් මුහුදු සීමාවේදී සොයා ගෙන ඇතැයි  මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඔවුහු කල්මුණේ පදිංචිකරුවෝ වෙති.

ධීවරයන් හය දෙනකු මුහුදු ගොස් තිබූ අතර මාලදිවයින් මුහුදු සීමා ආසන්නයේදී  පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්  අනතුරකට පත්ව තිබේ.   ධීවරයින් හය දෙනා ගෙන් දෙදෙනෙකු මුලින්ම මාලදිවයින් නාවික හමුදාව විසින් ඔවුන් සොයා ගෙන තිබිණි.