(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.  
සිය මව පිය සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන්  මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ. එහෙත් දැරිය සොයාගැනීමට අපහසු විය. ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පැවැසීය.