
(කේ. බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)
අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකි.
ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් කොටස් වශයෙන් වරින්වර ලැබී ඇති බව සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය
මෙම වෙඩි ප්‍රහාරය නිසාවෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල විජේසූරිය නැමැති 38 හැවිරිදි අයෙක්ද මියගිය අතර ගායිකා කේ. සුජීවා සහ තවත් පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සමගින් තවත් කාන්තාවක් තුවාල සහිතව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඝතෙනයට ලක් වූ දෙදෙනා ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඥාතීන්ට භාර දීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැටූ කාරයා නටපු නැටිල්ලටයි රගපෑමටයි සරසවි සම්මානෙ දෙන්න ඕනෙ…
තම රංගන හැකියාව ගැන නොදත් ටැටුවෙක්…..
ලක්ෂ දෙකක් කියන්නේ අද කාලේ මොකක්ද? අඩුම ත්‍රිවීල් එකක්වත් ගන්න බෑ. ක්ලබ් වසන්තගේ ව්‍යාපාර මොනවා වුනත් ඔය ලක්ෂ 10 ඉල්ලුවා නම් ඒ වෙලාවෙම දෙනවා නේ.
එකට එක්වී එකට කාබී එකට සැතපීලා… උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා…
අර මරපු පුද්ගලයා ගැන ගුණකථන හෝ විනිශ්චය කරන්න මම යන්නේ නැහැ... නමුත් ඔය සැලෝන් එක ආරම්භ කරන්න හදපු ටැටූ කොල්ල තමයි ඔය ඝාතනයට උදව් කරලා තියෙන්නේ... ඔහු දකුණේ පුද්ගලයෙක් නේද..? කාපු පතේ පහරන, එකට ඉඳලා හපාකන සර්පයින් ලංකාවේ බහුතරයක් ඉන්නේ කොහෙද කියලා කවුරු කවුරුත් දන්නවා ඇතිනේ... ඉස්සර නම් ඔය පැත්තෙන් බළල් පැටියෙක් වත් ගේන්න එපා කියලයි අපි අහලා තියෙන්නේ...ලංකාවට මේ ඉරණම අත් උනෙත් ඇයි කියලා තේරෙනවා ඇතිනේ... ගිය තැන විනාශයි!! සල්ලි වලට අම්ම අප්පා උනත් විකුණගෙන කනවා... හැබැයි කතාවේදී නම් සිල් වත්තු... ඒකනේ රැවටෙන්නේ...මම නම් පැත්ත පලාතෙවත් වැද්ද ගන්නේ නැහැ....