(ශාන්ත ප්‍රදීප් කුමාර)
අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවු රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බවට වාර් තා වීමත් සමග එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඇතුළු 11 දෙනකු ස්වයං නිරෝධායනයට කර රෝගීන් ඇතුළත් කර ගැනීම අද (8) සිට තාවකාලිකව නවතා දැමිමට පියවර ගත් බව අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.පී සුබසිංහ මහතා පැවසීය.
එහෙත් රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ බාහිර ප්‍රතිකාර ප්‍රතිකාර ඒකකය පමණක් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බවද වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.
අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් දා පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇතැයි පැවසේ.
එහිදී රෝගියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී අහබු පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ශල්‍යකර්මයෙන් පසුව දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇතැයි පැවසේ.
ඒ අනුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ අදාළ රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය තාවකාලිකව වසා දමා එහි සේවය කළ කාර් ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබුණි .
මේ පිළිබඳව වාර් තාවීමත් සමග අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රෝගියා ඇතුලත් කරන විට සේවය කළ වෛද්‍ය වරයකු,හෙදියන් හය දෙනෙකු සහ සුළු කාර් ය මණ්ඩලයේ හතර දෙනකු ඇතුළු 11 දෙනකු මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ,ජේ.පී. සුබසිංහ මහතා පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අතුරුගිරිය රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 11 ක් නිරෝධායනයට