IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අතුරු අයවැයට මුදල් කාරක සභාවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න ) 

 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනුමැතිය ඊයේ (23) හිමිවිය.

මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි නව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ ( 23) පෙරවරුවේ රැස්විය.

එසේම කාරක සභාවට ඉදිරිපත් කෙරුණු  2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ  නියෝග, 2007 අංක 48 දරන විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියමයන්  සහ රේගු ආ‍ඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සදහාද කාරක සභාවේ  අනුමැතිය මෙහිදී හිමිවිය.



අදහස් (1)

අතුරු අයවැයට මුදල් කාරක සභාවේ අනුමැතිය

අනුර රණවිර Wednesday, 24 August 2022 06:54 AM

බලාපොරොත්තුවක් ඇත. හර්ෂ ද සිල්වා මුදල් කාරක සභාවේ සභාපති වීම, මෙයද නමට පත්වීමක් නොවනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා.. මොකද ඔහු ආර්ථික විද්‍යා ආචාර්ය වරයෙක්... (මේ දක්වා ඔහුගේ ප්‍රායෝගික හැකියාවෙන්/ උගත්කමින් කිසිම රජයක් මේ දක්වා නිසි ප්‍රයෝජන නොගත්තේය..) ඉතාම ධනාත්මකව සහ ප්‍රායෝගිකව, කටයුතු කරන ආකාරය පැවසුවා. සහ එය කිරීමට කැමැති බවද ප්‍රකාශ කළා මාධ්‍ය මගින්... පත්විමට සුබ පතමින් ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටිමි... වංචාවෙන් තොරව, ප්‍රායෝගිකව, කඩිනමින්, දීර්ඝකාලීනව ආර්ථිකය නැංවිමට කටයුතු කරන මෙන්ද , IMF සමඟ අවශ්‍යම දේ කඩිනමින් කරන ලෙසද ඉල්ලා සිටිමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site