බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස් කපමින් සිටි තරුණයන් දෙදෙනා යටවුණු බව පොලීසිය කියයි.
වයස අවුරුදු 17 සහ 33 අතර වන මේ දෙදෙනා ඇඹිලිපිටිය හා මාතර අය බව ද වාර්තා වේ.
ඔවුන් වහා ගොඩ ගත් නමුත් මිය ගිය බවත්, සිරුරු කොස්වත්ත රෝහලේ තබා ඇති බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතා මතා නොකල දෙයක් උනත් වයස 17 ක ළමයෙකු වැඩට ගත් එක බාලාපරාදයක්.(නදී)
ඇයි ඔවුන් ආරක්ෂාවකින් තොරව වැඩ කරන්නේ? (නි)
කර්මය පළදෙන ආකාරයක හැටි... (නි)
මට හිතාගන්න බැරි අත්තිවාරමක් ඔච්චර ගැඹුරට කපන්නෙ ඇයි කියලා. මමත් මේ ළගදි අපේ ගෙදර හැදුවා. අඩි 3-4ක් වගේ තමයි අත්තිවාරම කැපුවෙ. (නි)
ලංකාවේ අය බොහෝවිට වැඩකරද්දී තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නෙ නැහැ. (නි)
නැකත වැරදිලාද? නැත්කම් නැකතට වැරදිලාද? (නි)
ප්රසන්න, බුරුල් පස නිසා තමයි ටිකක් යටට කපන්නේ. පස ශක්තිමත් නැති බව ඔවුන් දැනගෙන තියෙනවා. නමුත් කන්ඩියට අත්තිවාරම සිට ඇති දුර නිසයි මෙවැනි අනතුරක් සිදුවුනේ.(නදී)
පන පිටින් වැලලෙන්න, මොන තරම් පවක් කරලා තියෙන්න ඇත්ද?(නදී)
අශෝක ලංකාවේ නොවෙයිද, අපේ රටට කියල සඳහන්කරන්නේ. (අ)
නිවෙසක් ඉදිකිරීමේදී ඉන්ජිනේරු උපදෙස් පිළි පදින්න .බාස්උන්නැහැ හිතන විදීයටම කරන්න නොදී. (අ)
මාස කිහිපයකට පෙර බත්තරමුල්ල පැත්තෙත් මෙහෙමම දෙයක් වුණා. (නි)