පසුගිය රජය සමයේ විවිධ වරප‍්‍රසාද අපේක්ෂාවෙන් පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මෙවර මහනුවර දිස්ත‍්‍රික්යෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා නොදෙන බව මහනුවර දිස්ත‍්‍රික් එජාප නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි .
පක්ෂය හැර ගිය බොහො දෙනෙකු මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බවයි . කෙසේ නමුත් තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කර පක්ෂයට විශලා හානියක් කර පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මොනම හේතුවක් නිසාවත් එජාපයෙන් නැවත නාම යෝජනා ලබා නොදෙන බව ද අමාත්‍යවරයා කිවේය .
මේ අතර මහනුවර දිස්ත‍්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුට ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමේ වරම අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .එජාපයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන සුළු පක්ෂවල අපෙක්ෂකයින් සහ සුළු ජාතික අපේක්ෂකයින් කිහිප දෙනෙකුට පක්ෂයෙන් නාම යෝජනා ලබාදිමට සිදු විය හැකි නිසා මෙම තත්වය උදා විය හැකි බවද එම ආරංචි මාර්ග කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස එහෙනම් ගෙදර නේද? (නදී)
හැබැයි දියණිය ඉල්ලුවොත් නම් අපි මැරිලාහරි වැඩකරනවා. (නි)
අනේ පව් කියනවා ඇරෙනකොට අපි කියලා මොනවා කරන්නද? (නදී)
තිස්ස අත්තනායක මහත්තයාට එජාපෙන් ආයේ ඉල්ලනේ කොහොමද ඇඳුමක් ඇඳගෙන.(හේ)
තිස්ස මහත්තයා ඉදලා ඉදලා ගොඩ යන්න බැලුවා,හැබැයි සිද්ධ වුනේ වෙන දෙයක්.(හේ)
මොහු කළදේවල් අනුව කොහොම පක්ෂය ඇතුළට එන්න ඉල්ලනවාද ? (නි)
තිස්ස මහතා මනුස්සයෙක් හැටියට බොහොම නිහතමානී කෙනෙක් .මා එය අගය කරනවා .නමුත් ඔහු කල වැරැද්ද මහා අපරාදයක් (ම)
මේ පනින ගෙම්බන් ආයෙත් ගන්න එපා. ගත්තොත් ගන්න පෑත්ත පරාදයි.(ම)
තිස්ස මහත්තයා ඉන්න පක්ෂය හැමදාම පරාදයි. නැවත ගන්න නම් ඵපා යු ඵන් පී ඵකට (නි)
සුළු ජාතිකයන්ගේ ඡන්ද කඩාගන්න සුළු ජාතිකයන්ට වැඩියෙන් දෙන්න මහ ජාතිකයන්ට නැති වුණාට කමක් නැහැ . (ම)
තිස්ස මහත්තයටත් වෙච්ච දෙයක්? (නි)
අනේ අපොයි! (නි)
දැන් ඉතින් දුවට අවස්ථාව දුන්නොත් නේද හොඳ? (නි)
පහුගිය දිනවල ජනාධිපති තුමත් ඔහොම කතා කිව්වා .මේවා අහන අපි තමයි මෝඩයෝ (බ)
සමහරුන්ට වුණේ අර මේ දවස්වල වැවක එරිලා ගොඩඑන්න බැරුව ඉන්න අලියට වුණු දෙයමයි. (නි)