එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.
ලබන 24- 25 යන දින දෙක අනෙක් පාර්ශවයට මූලික විරෝධය දැක්වීමටත් 26-27 යන දිනවලදී නඩුවට අදාල කරුණු විභාග කිරීමටත් අද උසාවියේදී තීන්දු කළ බව අත්තනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
‘මම නඩුව දැම්මේ,මම හැමදාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නිසායි. කවදාවත් මේ පක්ෂය හැරදාලා යන්න අදහසකුත් නැහැ. අනෙක් කරුණු තමයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ප්‍රථම පක්ෂය විසින් අඩුම තරමේ මගෙන් කිසිදු ප්‍රකාශයක්වත් ලබාගත්තේ නෑ.නිදහසට කරුණු විමසුවෙත් නෑ.අන්න ඒකයි මම මේ මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ටාධිකරණයෙන් වරදකරුවෙකු කළා නීතිවේදීයකු අරන්. අහල බලන්න හිටපු අගවිනිසුරු සරත් සිල්වා ගෙන්. (නදී)
මෙයාගේ අනාගැනිල්ල මෙයාමනේ කරගත්තේ (නදී)
තමාට කිසියම් අසාධාරණයක් සිදුවී තිබෙනවායි තේරෙයි නම්, ඒ ගැන සොයා බැලීමට සහ හරි නිගමනයකට පැමිණීම සදහා අධිකරණයේ පිහිට පැතීමට කාටත් ඇති අයිතියට අපි ගරු කල යුතුය. (නදී)
ඇත්තම තමයි.(හේ)
අනේ කොහෙන්ද කතා කරන්නේ. (නදී)
සල්ලි හොදට තියෙනවා.(හේ)
බුදු අම්මේ විලිලජ්ජා නැති කමක මහත. තමන්ට චන්දෙ දීපු මිනිස්සුත් අමතක කරලා බලයට මුදලට කෑදර කමට ගිහිල්ල දැන් අඩනවා සාමාජිකත්වය අවලංගු කරන්න එපා කියල. ඉන්න ඉන්න ඔහොම ඉන්න අනා ගන්නේ නැතිව. වැඩි දවසක් යන්නේ නැතිව මහින්ද මහත්තය නැවත එ්වි (නදී)
ලෝකේන්ම ලැජ්ජාවක් නැති දේශපාලකයෝ ඉන්නා එකම රට තමා අපේ රට (නදී)
ආයේ කුණඩසාලෙට නම් එපා මිනිපේට යන්න ඉඩක් දීලා පක්ෂෙට ගන්න.පාර්ලිමේන්තු යවන්නේ අපිනේ.(හේ)
මට නම් ඔහුගේ මුහුණවත් බලන්න හිතෙන්නේ නැහැ. (නි)
සල්ලි වලට ආත්මය පාවාදෙන එක තරම් වෙන ද්‍රෝභිකමක් නැහැ (නි)
අනික මේ අවස්ථාවදී එක්සත් ජාතික පක්ෂයට බලය ලැබිලා තියෙන්නේ. ඒක නිසා මම කොහොමත් මේ පක්ෂය හැර යන්නේ නෑ. අන්න එහෙම ඇත්ත කියන්න මැතිතුමනි...අපිට මතකයි පහුගිය කාලේ සන්ධානෙට ගිහින් ඔය කියන මහලොකු එ.ජා.පෙ ට විරුද්ධව ඔයා කියපු දේවල්.... අනික ජනාධිපතිවරණෙන් මහින්ද දින්නා නම් ඔබ අද මෙවැනි නඩුවක් දාන්නේ නෑ නේද ? හෘද සාක්ෂිය කියලා දෙයක් ඇත්තෙම නැත්ද ? (බ)
එල්ලෙන්න වැලක් නැති වෙන හැඩයි (බ)
මේ වගේ පාවදෙන්නන්ට නීතියවත් පිහිට නොවීය යුතුයි.(හේ)
එජාපය පාවාදී, ලක් ඉතිහාසයේ අඩුම කාලයක් ඇමතිකමකුත් කරලා, ලැජ්ජා නැතුව ආපසු එජාපයට එන්න හදනවා. මේ අයට තමා අපි නම් දෙපත්නයි කියන්නේ (නි)
නිදහසට කරුණු: ලජ්ජා නැතිකම. (අ)
මේ වගේ අය නැවත පක්ෂයට ගන්න හොද නැහැ (දිල්)
දැන්නම් වැලේ වැල් නෑ වගේ.(හේ)
අනේ මන්දා මෙතුමා මේ මොනවා කරන්න යකවද කියලා? (නි)
ඕව කළා කියල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිට්ටුවෙන්න බැහැ. (ර)
අගේ කලයුතු මහත්මයෙක් (අ)
ඔබතුමා බොහොම හොඳ දේශපාලකයෙක්.වැරදුනේ දිරච්ච ලණු කෑමෙන් තමයි. මේවා අනෙක් දේශපාලකයින්ටත් යස පාඩම්. (නි)
මේවට කියන්නේ ඉල්ලන් කනවා කියල ! (අ)
පක්ෂ මාරු කරන එකේ ඉවරයක් නෑනේ (දිල්)
මේ නම් විලි ලජ්ජා නැති , සල්ලි වලට තම පක්ෂය පාවා දුන්න අයෙක්. දැන් ලජ්ජා නැතිව අායෙත් එජාපෙ සමජිකත්වය ඕනිලු. මේ වගේ පාවා දෙන්නන්ට බුද්දිමත් ඔබ තීරණය කරන්න ආයේ ජන්දේ දෙනවද කියලා (නදී)
එතකොට නොකියම වග විභාගයක් නැතුව පක්ෂේ හැර ගියාම, අනිත් අයගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වෙන්නේනේ නැද්ද. ඒ මදිවට පක්ෂෙක තියෙන ලිපි ගොනුවත් භාර නොදී අනිත් අයට ගැතිවීම අල්ලසක් ගැනීමක් නෙවෙයිද? (නදී)