(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24) දින රාත්‍රීයේ පැම්ණ ඇතැයි පොලීසිය පවසයි .
මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇත .
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු , විදේශ ගත වීම වලක්වා , ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබේ.
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබේ .
එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් , ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ සිදු කර ඇති බවත් , මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ .
ඉන් මද වේලාවකට පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට චීවරදාරීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබේ .
පසුව කළ විමර්ශන වලදී මෙම චීවරදාරීන් ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ .
එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබේ .
ඒ අතරතුර මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබේ.
මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට එම අවස්ථාවේ රාජකාරී වල නිරතව සිටි පොලිස් සැරයනවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කුණු වැඩකටම දැන් චීවරේ පාවිච්චි කරනවා...
ඝාතකයා කුරුල්ලෙක් වෙන්න ඇති. අපරාදේ ජෙට් එකකින් හරි පස්සෙන් පන්නලා අල්ලා ගන්න තිබුණානේ...
පොලීසිය කරන ලොකුම ක්‍රියා තමයි බවුසර් වලින් වතුර ගහන එකයි, කාමර අස්සේ ඉන්න අහිංසක ජෝඩු අල්ලන එකයි....
බුද්ධ චීවරය දැන් අවභාවිතා වෙනවා වැඩියි. ඒකට භික්ෂූන්ම තමයි වගකියන්න ඕනෑ.
මොනවද අප්පා මේ පොලිසිය කරන්නේ?
එකත් එකටම පගාවක් අරන් අතාරින්න ඇති...
වීනෝද සමයටත් එහාගිය කතාවක්... ලැජ්ජාවේ පණයනවා.
පොලිස් බල්ලන් කෝ?
මොනවා කරන්නද උඩින් දෙන ඕඩර් එක හැටියට නේ පහළ අය වැඩ කරන්නේ. මොනවා උණත් කිසි සැලැස්මක් නැති වැඩ නිසා අපරාධකාරයෝ බායි කියලා යනවා.
වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමසින්හ අයින්කර ඉලන්ගකොන් මහතාවගේ දක්ශ නිලදාරියෙක් පත්කර පොලිස් දෙපර්තුමේන්තුව බේරගන්න.
ඇනිවර්යයෙන්ම කාලකන්නි පොලිසියත් ,දේශපාලුවොත් මෙවට කෙලින්ම සම්බන්දයි.
භික්ෂුන් කියල දැන් ගොඩක් ඉන්නෙ ව්‍යජ පුද්ගලයන් තමා. අර තාප්පෙ උඩින් පැනල සිවුරත් දාල දිව්වෙ එහෙම කට්ටියක්.
පොලිස් ඇමති වරයා පොලීසිය නැවත අභිමානය ලබා දුන්නා කිව්වා නේ. අභිමානය රෙද්ද පල්ලෙන් බේරෙනවා
මිනිහාව අහුවෙච්චි ගමන්ම DIG කෙනෙක් සකසා දුන්නු ස්ක්‍රිප්ට් එකක් තමයි ක්‍රියාවට නංවලා තියෙන්නේ.
මෙහෙම වුණාම තවත් දිගුකලක් එයාගේ පස්සේ පන්නනවා කියලා කට්ටියම එයාගෙනුත් ගණනක් අරගෙන රජයෙන් පඩිය ගන්නත් පුළුවන් වේවි... ඒකට තමයි ඔය සූජානම් වෙන්නේ කියලා පැහැදිලියි... මෙහෙම වෙලාවට චීවරය දාගත්තු හොරු ආවොත් පැවිදි නම සහිත ජාතික හැඳුනුම්පත නැත්නම් ඒ අයව අත් අඩංගුවට අරගෙන අධිකරණයට ගෙනයන්න නීතියක් හදන්න ඕනෑ. හොරුන්ට උදව්වක් නොකරන පාලකයින් නීති හදන තැන ඉන්නවා නම් එහෙම කරාවි කියලා හිතෙනවා...
අපරාධකරු හඳුනාගැනීමේ තොරතුරු මහජනතාවගේ දැනගැනීම සඳහා එළිදරව් කිරීම ජනමාධ්‍යවල යුතුකමක් නේද?
මේ හවුල් ව්‍යාපාරයේ පොලිසියේ අයත් හවුල් කාරයෝ වගේ...
මහින්ද රාජපක්ෂ මහතා වගේම වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා පාර්ලිමේන්තුව දෙවනත් කළත් අද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාව ජනපති කර ඇත. හිරගෙදරට නියම වී ඇති ප්‍රසන්න රණතුංග මහතා අද කැබිනට් ඇමැතිවරයෙකි. මිනීමැරුම් චෝදනාවට දඬුවම් ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා නිදහස් කර රජයේ ඉහළ තනතුරක් ලබාදී ඇති රටක මේ අපරාධකරුද නුදුරේම ජනපති, ඇමැති නැතිනම් රජයේ ඉහළ තනතුරක් ලබන්නෙකු විය හැකි රටකි.