අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ප්‍රශංසනිය අදහසක්. ඔබතුමාගේ මැතිනිය එලිනා ජයවර්දන කෙනෙක් වේවි කියල අපි හිතනවා. (නදී)
පිවිතුරු යහපාල හෙවත් බන්දුල පෙරේරා, ඔබ කිසිම කෙනෙකුගේ හොඳක් නොදකින, ඔබ කැමති කෙනාගෙයි එයාගේ පවුලෙයි විතරක් හොඳ දකින කෙනෙක් බව මේ මුළු පාඨක සභාවම දන්නවා. ඔබ අඩු වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම ශුරතාවය ටි 20 දිනපු වෙලාවේ වත් සුභ පැතුවේ නැති කෙනෙක්. ඒ නිසා ඔය කුහකකම ඔබේ මේ නහින දෙහින වයසේදිවත් නැති කරගන්න බලන්න. (නදී)
මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට වගේම ගරු කරන ජනාධිපති වරයෙක් තමයි මෛත්‍රීරිපාල සිරිසේන මැතිතුමා. එතුමාගේ මෙවැනි ක්‍රියා අපි අගය කල යුතු වන්නෙමු. (නදී)
අනෝමා කියපු එක ඇත්ත . අපිට ඕන ඉමෙල්ඩා මාකෝස් ල නෙවෙයි. රටේ හැටියට පොලවේ පය ගහල ජීවත් වෙන්න සුදානම් ලොකු නෝනලා. (නදී)
පිවිතුරු බන්දුලට හරියන ලොකු නෝනා කව්ද (නදී)
පිවිතුරු යහපාල ට හිතට හරියන ආර්යාව කවුද ? ඉමෙල්ඩා මාකෝස් ද ? (නදී)
පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් ජනාධිපති ආර්යාවක් කියන්නේ රටකට සම්පතක්. විජේතුංග මහතාගේ මැතිනිය හිටියාද වත් කියල රටවැසියන්ට තේරුනේ නැහැ. (නදී)
අනෝමා, ඔබගේ අදහස අපේ රටේ නිවහල්ව ජීවත් වීමට කැමති ජනතාව අගය කරනවා නොඅනුමානයි. ජනාධිපතිතුමාගේ මෙම අදහස් අපේ රටට වඩාත් උචිත කාලයත් මේකයි. යන එන මං නැති යහපාලලට මීට වඩා කියන්න දෙයකුත් නැහැනේ. එයා කොහොමත් අල්ලෙන් විළිවසා ගන්න උත්සාහ දරන කෙනෙක්නෙ. ඒ වගේ මිනිස්සුන්ට අපි අනුකම්පා කරමු. (නදී)
ඉතින් මේ නෝනාට හොඳ කියන එක ගැන ඔච්චර හිතට අමාරු නම් පිවිතුරු බන්දුල පෙරේරාටත් පුළුවන්නේ ඔයාගේ නෝනාට බන්දුල පෙරේරා ආර්යාව කියලා නම් දමා ගන්න (නදී)
මේ පිවිතුරු යහපාලගේ හිතේ නම් කිසිම පිවිතුරු බවක් නැහැ. පුදුම කුහක කමක්. (නදී)
මතකද එක දේශපාලක නෝනා කෙනෙක් උගත් ප්‍රාදේශීය ලේකම් තුමියක් එයාට මැඩම් කිව්වේ නැහැ කියල නටපු නැටිල්ල. උදච්ච්ඡ බවලතුන් කියන්නේ දේශපාලනයට පැත්ත පලාතක වැද්ද නොගත යුතු කොට්ටාශයක්. (නදී)
ආදර්ශය ඉහලින් පහලට එනවා දකින්න ලැබීම සතුටක්. ඔබේ නිහතමානී කම රටේ ජනතාවට ආදර්ශයක්. රටකට නායකයන් විය යුත්තේ මෙවැනි මිනිසුන් බව රටම පිළිගෙන හමාරයි. ඔබට ශුභ ගමන් (නදී)
මේවා දැක්කම හිටපු අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන්ලට හා ඒ අයගේ භාර්යාවන්ට මාධ්‍ය වල කී දෙනෙක් හිනාවෙනවා ඇද්ද? (නදී)
ජයවේවා! (නි)
ඔනවටව වඩා කොයිදේත් වැඩියි, මහත්මයා, නෝනා, සිංහල අපට හොදටම ඇති, ඔහු ගේ එම අදහසට මුළු මහත් ලංකාවම එකතුවේ. (දිල්)
ඒ උනාට අැමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, ප්‍රාදේශීය සභාවල අයගේ බිරින්දෑවරුන්ට නම් ඔය කියන විශේෂණ දාන්නම වෙනවා ෂුවර්. කටපුරා මැඩම් කියලා කිව්වේ නැත්නම් දුවන්න තමා වෙන්නේ. (බ)
සත්‍ය වශයෙන්ම මෙතුමාගේ ක්‍රියා පිළිවෙත අපේ රටේ දේශපාලකයින්ට ඉතා හොඳ ආදර්ශයක්. එතුමාගේ නිහතමානි භාවයට අපි අපේ ගෞරවය පුද කරමු. (ර)
ඒ උනාට අැමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, ප්‍රාදේශීය සභාවල අයගේ බිරින්දෑවරුන්ට නම් ඔය කියන විශේෂණ දාන්නම වෙනවා ෂුවර්. කටපුරා මැඩම් කියලා කිව්වේ නැත්නම් දුවන්න තමා වෙන්නේ. (බ)
මේක තමයි අපි බලාපොරේත්තු උන යහපාලනයේ ආරම්භය. (නදී)
ඔබ තුමා ආදර්ශයක් දී ඇත. අපි ගරු කරමු. අපි ඔබ සමගයි. ඔබ සදා ජීවමානයි (නදී)
ඇත්තටම ඔබ තුමා ගෞරවනීය උත්තමයෙක්. (නදී)
අපේ අක්කලාගේ කොළඹ ගෙදට්ට ඇන්න ආපු උක්කු බණ්ඩාට සාලේ පුටුවකින් ඉන්දගන්ට කියලා කීවාම " අනේ අප්පා මට මෙහෙම හොඳයි දෙයියෝ " කියලා උලුඅස්ස ළඟ බිමින් ඉඳගත්තා. පහුවෙනකොට අපි කියන්නෙත් නැතුව හරි හරියට ඉඳගත්තා. (නදී)
මම මෙහෙම කලොත් හොඳදයි කියා කොමන්ට් එකක් ලිව්වා. ඒක මෙහෙම ඉෂ්ට වී තිබීම හරි සන්තෝෂයි. නමුත් තව එකක් අඩුයි. සර් කියන එකත් අයින් කලොත් නියමයි. මැතිනියත් ආර්යාවට සමාන ආමන්ත්‍රණයක්. ඔබාමාව අමතන්නෙත් මිස්ටර් ප්‍රසිඩන්ට් කියා පමණයි. භාර්යාව අමතන්නේ සාමාන්‍ය ලෙස මිෂෙල් ඔබාමා ලෙසයි (නදී)
මේක නම් ඉතාමත් හොඳ අදහසක්. (ර)
ඕක තමයි අහන්න, හොයලා බලන්න අන්ද බෞද්ධයෙක් නොවී දැනගන්න. අටලෝ දහම පිලිබද දැන ගැනීම. අල්පේජ්ජතාව දැනගැනීම. තන්හා අාශා පිලිබද පාලනය හා අවිද්යාව හැදිනීම. ඔය සරල බව, තේරුම, ප්‍රතිපත්ති ගත අවබෝදය දැකපු කෙනෙක් ඔය අනිත්‍ය නාම- රූප වලට ආයි ලේසියෙන් අසුවෙන්නේ නැහැ. ඉන්නකන් රට ගොඩ. තව යෝජනා තියනවා. අපිටත් රට ගැන, ආගම ගැන දුර පේනවා අවස්තාවක් ලැබුනොත් පේනවා. ආගම රකින්න ඒක සුරක්ෂිත කරන්න අපටත් පෙන්නන්න. අවස්තාවක් දෙන්න.(නදී)
මේ තමයි නවරදි මග. ඔබට මගේ ආචාරය (නදී)
ආයුබෝ වේවා මහාරජාණෙනි, පිස්සු හැදෙනවා අප්පා (නදී)
මහ පොලවේ පය ගසා සිටින ජන නායකයෙක් ලැබීම රටටත් ජනතාවටත් වාසනාවක්. (ර)
ඔබ තුමාගේ නිහතමානිකම බොහෝ සේ අගය කරමි. (ර)
ඔහොම කියන්නේ ලංකාවේ විතරයි. (ර)
එතකොට ආර්යාව යන වදන සමග "බිසව " යන වචනයත් අයින් වෙයි වගේ . "සන්නස්ගල" මහත්මාට සිංහල උගන්වනකොට අතීත භාවිත වචනයක් වෙයි (නදී)
මෙතුමා පොදු අපේක්ෂකයා වෙන්නත් කලින් එක්තරා පුවතක් ලංකාදීපයේ පළවුනා. එයින් මෙතුමා ඉතා යහපත් පවුල් ජීවිතයක් ගෙවන බව හෙළිවුණා. ඒ පුවතට මම අදහස් දැක්වුයේ දේශපාලකයෙකුගේ යහපත් පුද්ගලික ජීවිතය දේශපාලකයෙකු වීමට වැදගත් සුදුසුකමක් යන්න සඳහන් කරමින්. එදාටත් වැඩිය මම ඒ ගැන අද සතුටු වෙන්නේ ලොකු තැන් වලට එන්නත් කලින් මං එතුමා පොලවේ පය ගහපු කෙනෙක් බව ඒ පුවතින් තේරුම් ගත් නිසා. (නදී)
ඉතා හොද ආදර්ශයක්. මගේ ගෞරවය. (නදී)
ආදර්ශයක් දී ඉවත්ව යන දිනට ඔබව ඉතා ඉහලින් මිනිස්සු සලකයි (නදී)
එදා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් නොකිවා කොහේ යන්න වේවිද. රටට මේ කතාව යලි යලි අසන්නට සලස්වන්න. (නදී)
අපේ ලංකා පුතේ ඔයාට බුදුසරණයි (නදී)
සමහර නිලදාරින්ට සර් කිව්වේ නැත්නම් හරියට තරහ යනවා. ඒ අයට මේක හොඳ ආදර්ශයක් (නද)
ආර්යාව එපා කියල දැන්මම වෙන අතක් බලා ගන්නද හදන්නේ ? (නදී)
ඉතාමත් නිහතමානි වගේම වැදගත් තීරණයක්. නියමයි! (නදී)
එලීනා ජයවර්දන මැතිනියගෙන් පසුව මම දුටු ඉතාම් චාම්, පොලවේ පය ගහපු ජනාධිපති බිරිඳ මයිත්‍රී මහතාගේ නෝනා මහත්මියයි. ගුණ යහපත් භාර්යාවක් හොඳ ලේලියක් නෑනා කෙනෙක් බවත් පේනවා. නැති නම් මහත්තයාගේ සහෝදරියන්ගෙන් හොඳක් අහන නෑනා කෙනෙක් අපේ රටේ සොයා ගන්න අමාරුයි. අපි වගේ සංවර්ධිත රටවලට ඕන කරන්නේ ඒ වගේ දේශපාලක බිරින්දෑවරුන් මිසක් ඉමෙල්ඩා මාකෝස් වගේ ජීවත් වෙන්න හදන නෝනලා නෙවෙයි. (නදී)
මෙම අදහසේ විශාල අරුතක් තිබෙනවා. (නදී)
අපි මෙය අගය කළ යුතුයි. අපි ඔබට ආචාර කරමු. අපි ඔබ සමගයි මෛත්‍රී (නදී)
අනෝමාගේ මතය සමග මම සියයට සීයක් එකඟයි (නදී)
ආර්යාව විතරක් නෙවේ ප්‍රේමදාස මැතිනියට ශ්‍රීමති කියන හින්දි නාමයත් පාවිච්චි කළා. එහෙම බලනකොට ගොපල්ලව සහ විජේතුංග මැතිණියන් තමා මොකුත්ම ගරු නම් නැතිව හිටියේ. නමුත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනා. මේ තනතුරු රටේ ඉහලම තත්වයන් වගේම ජාත්‍යන්තරයේදී අපේ රට නියෝජනය කරනවා. ඒ නිසා ඒ තනතුරුවලට ගරහන්නේ නැතුව නිසි ගෞරවය දෙන්න. (නදී)
බලාගෙන අනෝමා, ඔහොම කටින් බුදුරැස් විහිදුවන කට්ටියගේ බොක්කේ තියෙන්නේ දඩමස්. (නදී)