නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25) මරණ දඬුවම නියම කළාය.
4, 5 හා 20 යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයට මරණ දඬුවම හිමිවිය.
සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
එකම නඩුවකදී වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.
http://www.lankadeepa.lk/index.php/articles/147202
ජායාරූප - ළහිරු හර්ෂණ
ඝාතනයට ලක් වු නුරි වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා
(ජායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත කොටා වගේ මිනිමරුවෝ සහ හොරු දේශපාලනයට ගෙනාවේ කවුද. අද මල් පොහොට්ටු පුප්පන්න හදන්නේත් මේ හොරු තමා (නි)
පසුගිය කාලේ නම් සියළු වැරදි වලින් නිදොස්කොට නිදහස් කරන ලදී කියලා තීන්දුව ලැබෙන්න තිබුනා (නි)
මේ මිනීමරුවෝ හිරේ ඉන්නේ යහපාලන ආණ්ඩුව තියෙනකල් විතරයි. පොහොට්ටු පක්ෂය ජයගත් දාට නිදහස් වෙනවා. මොකද පොහොට්ටු පක්ෂ ජයගත් දාට පළමුව දුෂණය වන්නේ රටේ නීති පද්ධතියයි. නූරි වත්තේ අහිංසක ජනතාව සතුටින් ඉන්නේ යහපාලන ආණ්ඩුව තිබෙනතුරු විතරයි. (නි)
අයියෝ! මේකටත් කලින් ආණ්ඩුව දෝෂදර්ශනයට ලක්කරලා අදහස් දාලා තියෙන සමහරක් අයට මතකද දන්නේ නැහැ යුඑන්පී කාලේ වෙච්ච දේවල්. ඒවා මතක් කරන්න ඕනෑද. (නි)
ප්‍රාදේශීය සභා සභාපති කියන්නේ ප්‍රදේශය පාලනය කරන පිරිසේ නායකයා. "අත කොටා" කියන අනවරත නමක් තියෙන කෙනෙක් එම පුටුවට පත් කළේ ප්‍රදේශයේ මහජනයා. එවන් මහජනයාගේ මට්ටම අපිට මෙයින් තක්සේරු කරගන්න පුළුවන්. (නි)
දෙවියන්ට ස්තුති වේවා...! (නි)
හේමන්ත, ඔයාගේ කතාව හරියටම හරි (නි)
එතකොට එතනෝල් ගෙන්වපු අය? වේදිකා ගිනිතියපු අය? (නි)
කොහොමද අතකොටාගේ අප්පච්චි බලයේ හිටියනම් නඩු තීන්දුව. (ම)
ප්‍රසිද්ධියේම එල්ලා මරන්න ඕනෑ (ම)
නියමයි.මෙහෙම තමයි වෙන්න ඕන ..දිට්ට ධම්ම වේදනීය කර්මය විපාක අනිවාර්යෙන්ම භුක්ති විදින්න වෙනවා ...(ම)
ජනාධිපතිවරයා මෙවැනි තීන්දු ක්‍රියාත්මක කිරීමට වගබලාගත යුතුය. විනිසුරුතුමියට අපගේ ප්‍රණාමය! (නි)
අර ඇඹිලිපිටියේ උඩ තට්ටුවෙන් පහළට වැටිලා මැරුනු ප්‍රශ්නයත් මේ විදිහට විසඳුනා නම් කොච්චර හොඳද? (නි)
විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය, ඔබට අපරාධ පිටුදකින සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. අම්මපා! මොවුන්වත් ප්‍රා.සභා සභාපතිලා කළානේ පළාතේ මිනිස්සු (නි)
ගරු විනිසුරුතුමියනි, ඔබ අපට සහ අපේ රටට ආඩම්බරයක්! (නි)
ගරු අධිකරණයට අපේ ප්‍රණාමය , මලේ පොහොට්ටුව පුප්පගන්න හදන්නේ මොකද කියල දැන් තේරෙනවා නේද ? (බ)
මල් පොහොට්ටුව පිපුනත් ඒකත් “පුෂ්පං මිලායති යතායි ධම්මේ“ එ්කයි ස්වභාව ධර්මය. මේවා හරිහැටි තේරුම්ගෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ලෝබකම නිස්සාරණය කර දැහැමිව ජීවත්වීමට සිත් වේවා !!! (නි)
ඉතාමත් හොද තීන්දුවක්. (බ)
අතකොටාගේ මහමොළකරු යහතින්නේ. හොඳ වෙලාවට නව රජයක් අාවේ. නැත්නම් අතකොටා එළියේ අහිංසකයන් ඇතුළේ (නි)
ජනාධිපතිතුමනි, කිසිම හේතුවක් නිසාවත් මේ අයගේ එල්ලුම්ගහට යන තීන්දුව ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලෙස වෙනස් කරන්න එපා. (නි)
අතකොටාට මුලදී අපරාධ වලට සෙවණදුන් උසස් නිලධාරීන් දැලෙන් රිංගුවේ කොහොමද? (නි)
මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනා ඇඟිල්ල දිගුකළේ පොලිසියට. නමුත් මේ සිදුවිමට ඇඟිල්ල දික්කළ යුත්තේ පොලිසියට නොව අතකොටාගේ සියලු වැරදි යටගැසීමට උදව්දුන් සබරගමු පළාතේ දේශපාලකයින්ටයි. (නි)
දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (නි)
මේ වගේ අයට ඡන්දෙ දීපු අය කොහෙද ඉන්නේ? දැන්වත් හොඳ මිනිස්සු පත්කරගන්න හිතාගන්න. වටිනා මිනිහෙක්නේ මේ තිරිසන්නු මරලා තියෙන්නේ. මොවුන්ට ආයේ සමාවක් දෙන්න හොඳ නැහැ (නි)
පසුගිය රජය බලයේ හිටියා නම් මේ හොර තක්කඩි මිනීමරුවෝ අද ඉන්නේ එළියේ (නි)
මහා ලොකු මහජන නියෝජිතයෝ,මේගොල්ලන්ට ඡන්දය දුන් අයත් හරිනම් මේ වගේ එවුන්ට ඡන්දය දීම ගැන ලැජ්ජා වෙන්න ඕනා.මේගොල්ලන්ව බේරා ගන්නත් අරන් මහා ලොකු උගතුන් සුදානම් වෙනවා ඇති.(බ)
සමහරුන්ගේ නඩු තීන්දු කල්යද්දී ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලෙස වෙනස් වෙනවා. ඊළඟට සමාව (නි)
දේශපාලකයන් තමයි ඕකට වගකියන්න ඕනෑ. (නි)
ගරු අධිකරණයට අපේ උත්තමචාරය. (බ)
මේ කල්ලිය දැරණියගල පැත්තේ අහිංසක මිනිසුන්ට තව කොච්චර වදදෙන්න ඇද්ද. (නි)
හේමන්ත අප්පචි පළි නැහැ හැම දෙයටම (බ)
චන්න ඇතුළු දේශපාලන පකෂවලට ගැතිව අදහස් දක්වන්නවුනි, ශාපලත් මනාප ක්‍රමයට පින්සිදුවන්නට වන්නට, ඕනෑම දූෂිතයෙකුට, අපරාධකරුවෙකුට දේශපාලනයට පිවිසීමේ හැකියාව ලැබී ඇත. අවශ්‍ය මුදල් සහ පහත් වැඩ කළහැකි, හිරගෙට පවා යාමට සුදානම් ගැත්තන් පිරිසක් පමණි. චන්නට බටලන්ද පැත්ත, සොත්ති උපාලිලා අමතක වෙලා. දේශපාලන ගැතිබවක තරම! පක්ෂය කුමක් වුවත් තමන් ගැතිකම් කරන පක්ෂයේ වැරදි නොපෙනෙන, අමතක කරන ඔබ වැනි අයත් මේ රටේ විනාශයට වගකියන්න ඕනෑ (නි)
යහපාලනය (බ)
ඒ කාලේ අතකොටාට විරුද්ධව පැමිණිල්ලක් ලියන්නවත් බැරි තත්වයකයි පොලිසිය සිටියේත්. උඩ ලොකු ලොක්කන්ගෙන් බලපෑම් .(බ)
නිතිය හරියට ක්‍රියාත්මක නොවුණා නම් මෙයාලව අත්අඩංගුවට නොගෙන ඉන්න තිබුනනේ..සමහරක් මේකට මල් පොහොට්ටුත් ගාවගෙන..මෝඩ කමට බෙහෙත් නැනේ..(බ)
වතු අධිකාරී තුමා නියම අභිතයෙක් , අවිනීතියට අභියෝග කළ වීරයෙක්, අධිකරණයට තුති . (ම)
ගරු අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
අතකොටා අයියා රුහුණුපුරේ දෙනෙත් තෙමා... සිපිරිගෙට පිය මැන්නා හඩවමින් සැමා... අප්පච්චි රජවුණ දා දෙනු මැනවි සමා... යලි එදින ඔබයි අතකොටා මන්ත්‍රීතුමා... (නි)
අරාබි නීතිය ගෙනෙන්න ඕනේ මෙහෙටත්.(හේ)
මේ මෝඩ මිනිසුන්ව ෆෝම් කළේ වෙන කවුරුත් නෙමෙයි, දේශපාලකයෝ. නමුත් පොඩි උන් තමයි මරණයට යන්නේ. (නි)
ශ්‍රීලංකා අධිකරණ සේවයට ජය පිට ජය (හේ්)
නීතියට අපගේ ප්‍රණාමය. (ම)
මේ නඩු තීන්දුන අප්පච්චි බලයේ හිටියනම් මොකක් වෙයිද?(හේ)
ගරු අධිකරණයට අපේ ප්‍රණාමය (හේ)
මේවට තම කියන්නේ වෙනස කියලා.(හේ)
ගරු අධිකරණයට අපේ ප්‍රණාමය , (හේ)
හොද තීන්දුවක් ..! මියගිය නිහාල්ට සාධාරණය ඉෂ්ටවෙයි දිනෙක මොවුන් එල්ල මැරුවොත් පමණි ..! (ම)
මෙන්න දඩුවම් නියමයි නියමයි.(හේ)
මේ අය ඔය ඔක්කොම අපරාධ කලේ පහුගිය කාලේ තිබුණ දේශපාලන බල අධිකාරියේ ආශීර්වාදයෙන් කියලා මිනිස්සු දන්නවා. කැලෑ නීතියක් ඔය පැත්තේ තිබුණේ.(හේ)
අධිකරණයට ප්‍රණාමය. මේ මිනිමරුමේදී. නම් අපේ රටේ ජාති දෙකක් බොහොම අපුරුවට එකතු වෙලා වැඩ කරලා තියෙන්නේ.(හේ)
නිමල් ලලිතට මාත් එකගයි (හේ)
කාට කාටත් හොද පාඩමක්.(හේ)
අධිකරණ තීන්දුවට අපේ උපහාරය!කොහොමද අනිත් කස්ටිය හිටියානම් මෙහෙම වෙයිද (ම)
මේ අයට එල්ලුම් ගහ ක්‍රියාත්මක කලා නම් නේද හොද?(හේ)
නිතිය හරියට ක්‍රියාත්මක වීම පිළිබඳ අපේ ප්‍රණාමය (ම)
හොඳ තින්දුවක්.(හේ)
මල් පොහොට්ටුව පිපෙනකම් ඉන්නකෝ (ම)
එල්ලලා මරන්න එපා ඒ වේදනාව තත්පර ගානටයි නියම සිර දඬුවම විදින්න දෙන්න එතකොට මැරෙනකම්ම මානසිකව වින්දවයි. (ම)
උගත් මහා අධිකරණ විනිසුරු තුමියගේ තීන්දුව පිලිබඳ වාදයක් නැහැ. ඔය තීන්දුව නැතත්, ඔය තිරිසන් වැඩේ කළ මිනීමරුවන් කවදා හෝ මැරෙන තුරු මානසිකවත් කායිකවත් පීඩා විඳිමින් සිටීවි. (ම)