කොළොන්නාවේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය අපරාධ අංශය තමා අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලමින් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික පෙත්සම් දෙකක් ගොනු කළේය.
කොළොන්නාවේ ඉඩමක් පළාත් සභාවෙන් ගොඩ කළැයි කියමින් තම බිරිය මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක් ඉල්ලා මිලියන අටක් ලබා ගත්තැයි කියන නඩුවේ විභාගය නතර කරන ලෙස ද දේශපාලන හේතු මත මුල්‍ය අපරාධ විමර්ශන අංශය කරගෙන යන පරික්ෂණ නතර කරන ලෙස ද ඔහු මේ පෙත්සම් වලින් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයනැතුව නීතියට මුහුණ දෙන්නකෝ! (නි)
අපිට දැන් ගොඩක් දේවල් තේරෙනවා (නි)
අපිටත් මෙහෙම කරන්න පුළුවන්ද? (නි)
ප්‍රසන්න මහතා ගැන අපිට කණගාටුයි. ඒත් අපි මොනවා කරන්නද? (නි)
පක්ෂ, ජාති, ආගම්,බේදයකින් තොරව වැරදි කර ඇත්නම් දඬුවම් දෙනු! (නි)
රණතුංගලා රටට සේවය කරපු නම්බුකාර පවුලක් එ්ක මේ මනුස්සය මහින්දට කඩේ ගිහින් නැති කරනවා (බ)
මහජනයාගෙන් පැමිණි වලට මොනවද මේ කරන්නේ. මහජන සේවය කියන්නේ මොකක්ද? මින් ඉදිරියට දේශපාලනයට පිවිසෙන්නන් පොහොසත්, ආචාර්ය සාරධර්ම වලින් පිරි,උගත්, වැදගත්, තනිව ගමනක් යාහැකි, අවංක පුද්ගලයින් නම් ලංකාව ලෝකයේ උතුම් රට වෙනවා. (නි)
ඒ කාලේ ඔය කියන සහන , එතකොට අත් අඩංගුවට ගැනීමේදී හෝ විමර්ශනය කිරීමේදී, එම ආයතනය නීත්‍යනුකුලව පිහිටෙව්වාද ? නැත්ද? යන කතා කියන්න හෝ හොයන්න පුළුවන්කම තිබුන නම් අර තරම් ජාතියට සේවයක් කරපු, හිටපු හමුදාපති තුමා සරත් ෆොන්සේකා සහ අනිත් අයට බන්ධනාගාර ගත වෙලා දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන මේ පලිගැනීම් සහ වැරදි කිරීම් පටලවා ගෙන ඉන්න අය එකක් මතක තබා ගත යුතුයි. ඒ අපි මැරිලා ඉපදිලා නෑ කියන එක. අද කල මේ පෙරලිය ඉදිරියටත් පවත්වා ගන්න වැඩ කරන බව. දුෂිතයන්ට රටේ මින් මතුවට ඉඩක් දෙන්නේ නැති බව. (නදී)
වැරදි කරලා නැත්නම් මොකද ඔය තරම් බය, වැරදි තියන අය තම මෙහෙම දගලන්නේ. (හේ)
වරදක් කර නොමැති නම් ඇයි බය වෙන්නේ.(හේ)
ඉස්සර නඩු අහලා වැරදි කළ බව ඔප්පු කරලා දඩුවම් දුන්නා. දැන් ඉස්සෙල්ලම අල්ලලා (පැමිණිලි කරපු ගමන්) හිරේ දාලා දඩුවම් දීලා පසුව නඩු අහනවා. චෝදනා කළ පමණින් කෙනෙක් වැරදි කරුවෙක් වෙන්නේ නැහැ. (හේ)
ඉස්සර අත්අඩංගුවට ගන්න කලින් රෝහල්ගත වුණා. දැන් උසාවි යනවා අත්අඩංගුවෙන් බේරෙන්න. අනේ මෙහෙමත් දේශපාලකයෝ! දැන් මේවා විලාසිතාවක් වෙලා. දැන් යන ක්‍රමය හරි ගියේ නැත්නම් තව ක්‍රමයක් හොයාගෙන ඒකත් විලාසිතාවක් කරගනී. වැරදි කරලා නැත්නම් ඇයි මෙච්චර බය වෙන්නේ කියලා හිතාගන්න බැහැ. (නි)
තරාතිරම නොබලා වැරදි කර ඇත්නම් හොඳට සළකන්න ...! (නි)
හොරකම් කළා නම් ඉන්න ඕන හිරේ තමයි (නදී)
මුල්‍ය අපරාද ඒකකය නීත්‍යනුකුල නැහැ. එය දේශපාලන පලිගැනීම් සදහා හදාගත් එකක්. (නදී)
පරීක්ෂණ කරන්නේ යටි අරමුණු ඇතිව කල්යල් බලා නොවේ නම් කම් නැත. අරමුණ කුමක්දැයි මට නම් හොදටම වැටහේ. ඔබට? (නදී)
තව ටික දවසක් ඉවසන්න. මේ සියල්ල නිවැරදි ලෙස විසඳේවි (නි)
මට සිතෙන ලෙසට ප්‍රසන්න වැරදි කර නැත. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්න යන්නේ ඇයි කියා අනුමානයෙන් සිතාගත හැක (නි)
දැන් හැම කෙනෙක්ම මේ සෙල්ලම පටන් අරගෙන වගෙයි (නි)
වරදට දඬුවම් දීම සහ පළිගැනීමට දඩුවම් දීම යනු දෙකක්. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ආණ්ඩුව කන පිට පෙරලුන ගමන් මේ දේශපාලන පලිගැනීම් කරන අයට වෙන දේ හිතා ගන්නවත් බෑ(නදී)
මෙතුමා අපිට නම් අවංක දේශපාලඥයෙක් (නි)
අපිටත් පුලුවන්ද නඩු නතර කරන්න කියලා ඉල්ලන්න? මේක මාර වැඩක්නේ! මීටපස්සේ හොරු හොරකම් කරලා උසාවි යයි මගේ හොරකම අල්ලන්න එපා කියලා පොලිසියට නියෝග කරන්න කියලා. එයාලා දේශපාලනය කළ පළියට කරන පරීක්ෂණ කොහොමද දේශපාලන පළිගැනීම් වෙන්නේ? අපිට දැන් තමයි තේරෙන්නේ (නි)