IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ගෝඨා උසාවි යයි

තමා අත්අඩංගුවට  ගැනිමෙන් වළක්වන නියෝගයක්   ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

තමා අත්අඩංගුවට ගැනීමේ  සූදානමක් ඇති බවත්  ඔහු කියා ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක  ලේකම්  ගොනු කළ මෙ‍ම පෙත්සමේ රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතළු හතළිස් හතර දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වශයෙන් නම් කරනු ලැබ සිටිති.

 අගමැතිවරයා විසින් ඉකුත් පෙබරවාරි 13 වැනි දින නිකුත් කළ 1901/20 දරණ ගැසට් නිවේදනය හා ඒ මගින් පිහිටවූ මූල්‍ය අපරාධ කොට්ඨාසය බල රහිත කරන ලෙස ද හිටපු ආරක්ෂක ලේකම් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ගෝඨා උසාවි යයි

සමන් Monday, 11 May 2015 11:30 AM

ඇයි වලක්වන්න නියෝග ගන්නේ උසාවි ගිහින් බේරා ගන්නකෝ හොද මහත්මයෙක් වගේ . හොරා කෑවේ නැත්නම් බය වෙන්න එපා.(හේ)

:       0       0

කමල් Tuesday, 12 May 2015 04:28 AM

කලින් සිටි නායක නායිකාවෝ වගේ යුද්ධය වවාගෙන කෑවා නම් මේ මොන කරදරයක්වත් රාජපක්ෂලාට වෙන්නේ නැහැ(නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 12 May 2015 04:44 AM

මේ තීරුවේ ලියන, මෙතුමා මේ රට කළ සේවය නොදත් හෝ නොදත් බව පෙන්වන කුහකයින්ට එක දෙයක් කිවයුතුයි. මේ රටේ යුධ බිය, මර බිය මැද පහුගිය තිස් අවුරුද්ද ගෙවූ කළගුණදත් මිනිසුන්ගේ හදවත් වලින් එතුමාව ඉවත් කරන්න ඔය ක්‍රමයට ගොඩක් අමාරු වේවි.එහෙම කරන්න උත්සාහ ගන්න ගන්න එතුමාගේ නම දේශපාලනිකව යළි යටපත් කළනොහැකි ලෙස මිනිසුන් අතර උඩට මතුවේවි. (නි)

:       0       0

රාජා ගුණවර්ධන Tuesday, 12 May 2015 05:04 AM

අපරාදෙ කොටි පරද්දලා ලංකාව බේරාගත්තේ. ප්‍රභාකරන්ට ඉන්න දුන්නා නම් මීට වඩා හොඳයි. (නි)

:       0       0

අපොන්සු Tuesday, 12 May 2015 05:06 AM

උසාවියට ආවේ මොන පාට වෑන් එකකින්ද? (නි)

:       0       0

සමන් Tuesday, 12 May 2015 05:12 AM

කාපුවා විඳවන්නකෝ දැන්. (නි)

:       0       0

එල්.බි.දල්පදාදු Monday, 11 May 2015 01:46 PM

සමන්. වරදක් කළ කෙනෙකු උසාවියට යාම අනිවාර්ය දෙයකි. එහෙත් වරදක් නොකළ බවට තම හෘදය සාක්ෂිය පවසන කෙනෙකුටත් උසාවි යාමට සිදු වුවහොත් ඔහු කළ යුත්තේ කුමක්ද..? පාට පක්ෂ භේදයකින් තොරව ඔබම ඒ ගැන සිතන්න.(හේ)

:       0       0

රන්ජනී Monday, 11 May 2015 02:12 PM

කුම්බලා මාළු කෑවා නම් විදවපන් බල්ලෝ කීවලු.(හේ)

:       0       0

පද්මිණී Tuesday, 12 May 2015 05:33 AM

පසුගිය ආණ්ඩුවේත් ඔහොම පෙත්සම් අධිකරණයට ගොනුකරන්න කාටහරි හැකියාවක් තිබුනද? (නි)

:       0       0

සොපී Monday, 11 May 2015 02:27 PM

ඔහොම යමු.කවදා හෝ සත්‍යය ජයගනීවි! (නි)

:       0       0

ඇසළ Monday, 11 May 2015 02:35 PM

දැන් පරක්කු වැඩියි.ඇයි ඔච්චර බය.(හේ)

:       0       0

බද්‍රානි Monday, 11 May 2015 02:59 PM

රටේ ජනතාව දේශපාලනික බලයක් දුන්නම, මේ අය හිතුවේ රට සින්නක්කර මේ අයට ලියලා දුන්නා කියලා. (හේ)

:       0       0

නිමල් ජයසිරි Monday, 11 May 2015 03:10 PM

මේවා ඩයස්පෝරාව දුන් පොරොනදු. (නදී)

:       0       0

විජිත Monday, 11 May 2015 03:31 PM

ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 11 May 2015 03:47 PM

රටේ කරන ලද එකම දේශපාලන අපරාධයක්වත් අද වෙනතුරු කළ කෙනා, කරවපු කෙනා හෙළිදරව් කර නැහැ.සාක්ෂි ඕනෑතරම් තිබෙනවා මේ අපරාධයන් පිළිබඳව.නමුත් පාලන බලය මුවාවෙන් ඒවා යටපත් කරගන්නවා.වැරදි කළවුන්ට දඬුවම් අනිවාර්ය වියයුතුමයි (නි)

:       0       0

වීරසූරිය Monday, 11 May 2015 04:01 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු! රට නිදහස් කරලා ජනතාවට නිදහසේ ඉන්න දුන් වරද තමයි එතුමා කරලා තියෙන්නේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 11 May 2015 04:25 PM

අනුන්ට කළදේම දැන් තමන්ට පලදෙනවා නේද මහත්තයෝ? (නි)

:       0       0

වසන්ත Monday, 11 May 2015 04:54 PM

ලංකාවේ තරම් කෙළෙහිගුණ නොදන්නා අය වෙන කොහෙවත් නැහැ. (නි)

:       0       0

ජයන්ත Monday, 11 May 2015 05:37 PM

කලින් සිටි නායක නායිකාවෝ වගේ යුද්ධය වවාගෙන කෑවා නම් මේ මොන කරදරයක්වත් රාජපක්ෂලාට වෙන්නේ නැහැ. මුල අමතක වෙන කුහකයන්ට කවදාවත් හොඳක් වෙන්න එපා. (නි)

:       0       0

අශාන් Monday, 11 May 2015 08:09 PM

දල්පදාදු,උසාවි යන හැම කෙනාම වැරදි කළ අය නෙමෙයි.උසාවි තියෙන්නේ හරි වැරැද්ද හොයා බලන්න.වැරදි නොකළා නම් උසාවියෙන් නිදහස් කරයි. (නි)

:       0       0

සංජීව Monday, 11 May 2015 09:48 PM

බද්‍රානිගේ කතාව හරියට හරි (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 12 May 2015 02:06 AM

දල්පදාදු, වරදක් කර නැත්නම් උසාවියට ගිහින් නිර්දෝෂීබව ඔප්පු කරන්නනේ තියෙන්නෙ. ඇයි ඔච්චර බය? (නි)

:       0       0

රකිත් Tuesday, 12 May 2015 03:59 AM

අඩුමතරමේ තමාව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් හරි ගොනුකරන්න මෙතුමාට පුළුවන් වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site