තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.
තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් ඔහු කියා ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ මෙම පෙත්සමේ රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතළු හතළිස් හතර දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වශයෙන් නම් කරනු ලැබ සිටිති.
අගමැතිවරයා විසින් ඉකුත් පෙබරවාරි 13 වැනි දින නිකුත් කළ 1901/20 දරණ ගැසට් නිවේදනය හා ඒ මගින් පිහිටවූ මූල්‍ය අපරාධ කොට්ඨාසය බල රහිත කරන ලෙස ද හිටපු ආරක්ෂක ලේකම් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වලක්වන්න නියෝග ගන්නේ උසාවි ගිහින් බේරා ගන්නකෝ හොද මහත්මයෙක් වගේ . හොරා කෑවේ නැත්නම් බය වෙන්න එපා.(හේ)
කලින් සිටි නායක නායිකාවෝ වගේ යුද්ධය වවාගෙන කෑවා නම් මේ මොන කරදරයක්වත් රාජපක්ෂලාට වෙන්නේ නැහැ(නි)
මේ තීරුවේ ලියන, මෙතුමා මේ රට කළ සේවය නොදත් හෝ නොදත් බව පෙන්වන කුහකයින්ට එක දෙයක් කිවයුතුයි. මේ රටේ යුධ බිය, මර බිය මැද පහුගිය තිස් අවුරුද්ද ගෙවූ කළගුණදත් මිනිසුන්ගේ හදවත් වලින් එතුමාව ඉවත් කරන්න ඔය ක්‍රමයට ගොඩක් අමාරු වේවි.එහෙම කරන්න උත්සාහ ගන්න ගන්න එතුමාගේ නම දේශපාලනිකව යළි යටපත් කළනොහැකි ලෙස මිනිසුන් අතර උඩට මතුවේවි. (නි)
අපරාදෙ කොටි පරද්දලා ලංකාව බේරාගත්තේ. ප්‍රභාකරන්ට ඉන්න දුන්නා නම් මීට වඩා හොඳයි. (නි)
උසාවියට ආවේ මොන පාට වෑන් එකකින්ද? (නි)
කාපුවා විඳවන්නකෝ දැන්. (නි)
සමන්. වරදක් කළ කෙනෙකු උසාවියට යාම අනිවාර්ය දෙයකි. එහෙත් වරදක් නොකළ බවට තම හෘදය සාක්ෂිය පවසන කෙනෙකුටත් උසාවි යාමට සිදු වුවහොත් ඔහු කළ යුත්තේ කුමක්ද..? පාට පක්ෂ භේදයකින් තොරව ඔබම ඒ ගැන සිතන්න.(හේ)
කුම්බලා මාළු කෑවා නම් විදවපන් බල්ලෝ කීවලු.(හේ)
පසුගිය ආණ්ඩුවේත් ඔහොම පෙත්සම් අධිකරණයට ගොනුකරන්න කාටහරි හැකියාවක් තිබුනද? (නි)
ඔහොම යමු.කවදා හෝ සත්‍යය ජයගනීවි! (නි)
දැන් පරක්කු වැඩියි.ඇයි ඔච්චර බය.(හේ)
රටේ ජනතාව දේශපාලනික බලයක් දුන්නම, මේ අය හිතුවේ රට සින්නක්කර මේ අයට ලියලා දුන්නා කියලා. (හේ)
මේවා ඩයස්පෝරාව දුන් පොරොනදු. (නදී)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි.(හේ)
රටේ කරන ලද එකම දේශපාලන අපරාධයක්වත් අද වෙනතුරු කළ කෙනා, කරවපු කෙනා හෙළිදරව් කර නැහැ.සාක්ෂි ඕනෑතරම් තිබෙනවා මේ අපරාධයන් පිළිබඳව.නමුත් පාලන බලය මුවාවෙන් ඒවා යටපත් කරගන්නවා.වැරදි කළවුන්ට දඬුවම් අනිවාර්ය වියයුතුමයි (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! රට නිදහස් කරලා ජනතාවට නිදහසේ ඉන්න දුන් වරද තමයි එතුමා කරලා තියෙන්නේ. (නි)
අනුන්ට කළදේම දැන් තමන්ට පලදෙනවා නේද මහත්තයෝ? (නි)
ලංකාවේ තරම් කෙළෙහිගුණ නොදන්නා අය වෙන කොහෙවත් නැහැ. (නි)
කලින් සිටි නායක නායිකාවෝ වගේ යුද්ධය වවාගෙන කෑවා නම් මේ මොන කරදරයක්වත් රාජපක්ෂලාට වෙන්නේ නැහැ. මුල අමතක වෙන කුහකයන්ට කවදාවත් හොඳක් වෙන්න එපා. (නි)
දල්පදාදු,උසාවි යන හැම කෙනාම වැරදි කළ අය නෙමෙයි.උසාවි තියෙන්නේ හරි වැරැද්ද හොයා බලන්න.වැරදි නොකළා නම් උසාවියෙන් නිදහස් කරයි. (නි)
බද්‍රානිගේ කතාව හරියට හරි (නි)
දල්පදාදු, වරදක් කර නැත්නම් උසාවියට ගිහින් නිර්දෝෂීබව ඔප්පු කරන්නනේ තියෙන්නෙ. ඇයි ඔච්චර බය? (නි)
අඩුමතරමේ තමාව අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් හරි ගොනුකරන්න මෙතුමාට පුළුවන් වුණා. (නි)