(රෝෂන් තුෂාර)

ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ  උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත්  විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය.

මෙලෙස ඇපමත නිදහස් වූයේ මොරටුව හා ජපුර විශ්ව විද්‍යාලවල සිසුන් වන චතුරංග රූපසිංහ සහ එම්.එන් සුදර්ශන සැකකරුවන්ය.

කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.සැකකරුවන්ට රුපියල් ලක්ෂයක ශරීරය ඇප දෙකක්  මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.