හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිසියේ දෙදෙනකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ගෙන එද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අද (06) සමාජය වෙබ් අඩවි පළ කර තිබිණි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව ද දැනගන්නට තිබේ.
කිසිම සැකකරුවකුට අත්අඩංගුවට පත්වූ පසු පහර දිය නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඊයේ (06) අත්අඩංගුවට පත්වූයේ ද එවැනි සිදුවීමක් නිසා යැයි ද එම නිලධාරියා කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් මේ ගැන විමසීමේදී ඒ මහතා පැවසුවේ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු පහර දිය නොහැකි බවයි. හම්බන්තොට පහරදීමේ සිද්ධිය ගැන සොයා නොබලා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම කනෙකුට පේනවා, පැත්තක ඉඳලා ඇවිත් ඒ පොලිස්කාරයා කණට ගහන හැටි. වහාම ඔහුගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කල යුතුයි. පොලීසියේ පොඩ්ඩක් හරි හොඳ නමක් තියෙනවා නම් ඒක බේරා ගන්න.
මේ සමහර මෝඩ පොලිස් නිලධාරීන් අමාරුවේ වැටෙන්නේ තමන් තවම ජිවත් වෙන්නේ 18 වෙනි සියවසේ කියලා හිතාගෙන වැඩ කරන්න ගිහින්. අද කාලේ පොලිස් නිලධාරීන්ට තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් තමා අනෙත් අයට ගරුකිරීමට හැකිවීම. යමෙක් වරදක් කර ඇත්නම් එයට දඬුවම් දීමේ වගකීම තියෙන්නේ අධිකරණයට මිස පොලිසියට නොවේ.
මේ වීඩියෝ පටයේ මා දකින්නේ නෑ මේ පුද්ගලයා තමන් අත්අඩංගුවේ සිටින විට ඒ සඳහා කිසිම විරෝධයක් දක්වන බවක්. එසේ තිබියදීත් ඔහුට ඔහුට පහර දීම වැරදි බවයි මගේ අදහස.
මෙහෙම කලහම මෙයාල හිතනවා ඇති උසස්වීම් ලැබෙයි කියල. සමහරවිට ලැබෙන්න පුළුවන්.
කියන්න කිසිම දෙයක් නැහැ
පොලිසියේ අයට පුළුවන් ජනතාවගේ කනට ගහන්න විතරයි. තමන්ගේ කනට වදිනකොට කවුරුත් නැති බව හිතන්න ඕන. විරොදයක් දැක්වුවත් කනට ගහන්න අයිතියක් තියනවද?
"ලංකාවේ පොලිසිය බල්ලට ගිහින් " කියා කීම නීතිගරුක පොලිස් නිලදරුවන්ට කරන අවමානයක්. සිද්ධ වෙලා තියන්නේ බල්ලෝ පොලිසියට ගිය එකයි .
අනිවාර්යයෙන් උසස්වීමක් ලැබෙනවා.
හිට්ලර් වගේ පොලිස් නිලදාරියෙක්
පොලිසියේ යුනිෆෝම් එකේ පට හෙවත් අශුචි පාටටම ගැලපෙන අසුචි වැඩ කරන්න දක්ෂ අශුචිම අශුචි පොලිස්කාරයෙක්.පස්ස පැත්තට පා පහරකදී වහාම ගෙදර යැවිය යුතුයි....
මුන්ට කනට ගහල මදි
කනට නෙවෙයි උස්සලා පොළොවේ ගහන්නයි තිබුනේ
මේ ASP ගෝරිල්ලෙක් වගේ. මේ වගේ අය තමයි දවසක IGP වෙන්නෙත්.
තරු බලාගෙන පොලිස් පාට් දැම්ම නම් හම්බෙයි ලගදීම කටු කන බල්ලන්ට, උඹලට එහෙම මෙහෙම කරපන් කියල උපදෙස් දුන්නු එකෙක් වත් එන්නේ නැහැ කුරු ගනින කොට, මාත් දැක්ක ඒ වීඩියෝ එක ,අන්තිම පහත් ක්‍රියාවක්,මාධ්‍ය වේදීන් හඩක් නැගිය යුතුයි,
ආආ ඕකට තමා ලොක්කා හිටගෙන කරන එක සොක්කෝ දුව දුව කරනවා කියන්නේ ....
සමහර පොලිස් නිලධාරීන් මානසික ලෙඩ්ඩු . කුරුණෑගලදී ඇදුම් ගලවල පොලිස් නිලධාරියෙකුට වෙදිතිබෙත් මෙවැනි දේවල් වෙන්න ඇති.
මේකද?යහපාලනය? කෝ අර පිරිමි නර්ස්.
ඩීඅයිජී සැකකරුවන් නිදහස් කර යවනවා. ඒඇස්පී කනට ගහනවා. ඕඅයිසී ඇට කඩනවා. පීසී සිර මැදිරිය තුල එල්ලනවා. මේ න්‍යායට කියන්නේ විපර්යස්ථ සම්බන්ධය කියල. උඩ ඉඳල පහලට එනකොට සැර වැඩි වීගෙන යනවා. පොලිසියේ සුරතලයට ඇතිකරන බල්ලෝ පූසෝ එහෙම ඉන්නවද දන්නේ නෑ, ඉන්නවා නම් උන් අන්තිම දරුණු ඇති. බයේ බෑ.
පොලිසියේ හිටියත් ආණ්ඩුවට කඩයන හෙන්චයියෝ තමයි මේවගේ පහත් වැඩ කරන්නේ ..කනට ගහපු විදිහටනම් කන පැලෙන්නම ඕනෑ ,මට පුදුමයි ඒ තරුණයාට කලන්තය හැදුනේ නැතිව ඇවිදීමට හැකිවීම ගැන.
පොලිසියේ අය වැරදි කරනවා නමුත් රටේ සිටින මහජතාවත් දැනගත යුතුයි ඔවුන් අපහසුවට පත් වන ආකරයට උත්ගෝසන නොකර සිටින්න ඔය අදහස් දාන අය එක පැත්තක් විතරක් ගැන බලන්න එපා එයාලා කරන්නේ එයාලට ඉහලින් ලැබෙන නියෝග එතාකොට ඒවගේ නියෝග දෙන අය එතනට යවන්නේ කවුද අන්න ඒ අයනේද අමු මෝඩයෝ ඔය අදහස් දාන අයත් කාකී නිල අදුම ඇන්දනම් තේරනවා රාජකාරි යේ ගැටළු කාරී තත්වය ඒ අයත් ඔය විදිහටම තමයි හැසිරන්නේ
හිතේ තියෙන මානසික අසහනය තමයි ඔය නිල ඇඳුම දාගෙන පිටකරන්නේ ... තවමත් 1900 මුල් ගණන් වල සුද්ද ඒ කාලේ හැටියට උද්ඝෝෂණ නවත්වන්න හදපු නීති රීති වලින් මේ රට දැනුත් පාලනය කරන්නයි හදන්නේ .. මේ අයට පෙන්නන්න ඕන සුද්දගේ රටවල් වල කොහොමද මේ වගේ වෙලාවල් වල දැන් පොලිස් නිලධාරින් කටයුතු කරන්නේ කියලා .. ඡන්දයක් වෙලාවේ හොර ඡන්දයක් දාන කෙනෙක් හිටියොත් ඔලුවට වෙඩි තියන්න කියපු මැතිවරණ කොමසාරිස් කෙනෙක් ඉන්න රටක, හොරෙන් වැලි පටවන් පලායන වැලි ලොරිය නවත්වන්න. ඒක පදවන ඩ්‍රයිවර්ට වෙඩි තියන පොලිස් කාරයෝ ඉන්න රටක, ජාතික ගීය ගයද්දී කෙලින් හිටගෙන හිටියේ නැ කියලා ඒ වෙලාවේම ඇවිදගෙන යන පොලිස්පති අර මනුස්සයාට ගහන්න හදන රටක, පාර්ලිමේන්තුවේ අමු කුණුහරුපෙන් දිනපතා වැඩකටයුතු කරන රටක, මේ වගේ කෙනෙක් ඔය වගේ වැඩක් නොකලොත් තමයි පුදුමේ.. ලංකාව කියන්නේ තාම මේ ලෝකේ තියෙන නූගත් මිනිස්සු බහුල රටක් කියලයි හිතෙන්නේ....
උසාවි නියෝගයක් තියෙද්දී මෙහෙම හැසිරුණ එකට ගහල මදි.
ලංකාවේ පොලිසිය ඉතාමත් ඉක්මණින් මානව අයිතිය සුරක්ෂිත කළයුතුයි. යුරෝපීය පොලිසි මෙන් ඉතාමත් ඉහළ පාඨමාලා හැදෑරීම කළයුතුයි. උතුරට නැගෙනහිරට වෙනම නීතිය... දුප්පත්, පොහොසත්, හිතවතුන්, දේශපාලන බලය ඉදිරියේ සියලුම දේවල් වෙනස්. කීපවතාවක්ම දුප්පත් මිනිස්සු සිර මැදිරිය ඇතුළේ ගහලා මැරුවා. සදාකාලිකව ආබාධිත කලා .
ගෝඨා හිටියානම් කනට නෙමෙයි මූණටම වෙඩි තියනවා.
මේ පොලිස් බත් බැලයන්ට මේ වගේ පහත් තිරිසන් විදියට කටයුතු කරන්නේ නිවට පාලකයින්ටම අනුව බව පැහැදිලි දෙයකි. නමුත් මේ අයට යමක් අමතක වී ඇත. එදා ප්‍රේමදාස පාලනය කාලේ පොලිසියේ 700 ගණනක් ප්‍රේමදාසගේ අණට අනුව කොටින්ට යටත්වූ අතර එම පිරිසට ම්ලේච්ඡ ලෙස වධ හිංසා පමුණුවා මරා දැමු බව මුළු රටම දන්නවා. එහෙව් පොලිසියක් කොටින්ටම කඩේ යන පාලකයන්ට අවශ්‍ය ලෙස ගෙන යන මුග්ධ ප්‍රහාර නැවත මහජනතාවට සේවයක් කල යුතුව ඇත.
මේ පොලිස්කාරයාටත් වෙන්නේ පෙර මෙවැනි දේ කරපු අයට වගේ දඬුවම් නොලැබෙන එක. මේවා තමයි පොලිසියේ වැඩ...
පිස්සුද අනේ මට ගහන්න කිව්වේ මමනේ...
මේ හාල්පාරුවන්ට ගහල වැඩක් නෑ.. හොර පෙරකදොරුවගේ කන පැලෙන්න දුන්නා නම් වැඩේ හරි .....
ගහන්න නෙමෙයි ගෝල්ෆේස් ගෙනැල්ලා ... උල තියන්නයි ඕනෑ ..!!!
පොලිසිය තදින් නොහිටියෙත් පිස්සේ කරේ නගිනවා ... ගොන්පාට්වලට කඩේ යන අයට මෙහෙම ගහල මදි ... මේවාට සම්බන්ධ අය ගැන රජය විශේෂ අවධානයක් කඩිනමින් යොමුකල යුතුයි ... නැත්නම් අපේ රට විනාසයි ...
පොලිස්පතිතුමනි ඒ සහකාර පොලිස් අධිකාරිතුමාගේ ක්‍රියාව අපි අනුමත කරනවා .. රට විනාස කරන අමනයින්ට ඔය මදි ....
මෝඩයෝ ටික විඩීයෝ එක හරියට බලල නෙමෙයි අදහස් දක්වලා තියෙන්නේ. මේ පුද්ගලයා පොලීසියේ දෙන්නා අල්ලගෙන යද්දී අත් දෙකම ගස්සලා දාලා නිදහස් වෙනවා. එතකොට තමයි ඒඑස්පී එයාගේ කනට ගැහුවේ. ඊට පස්සේ තමයි යස අගේට දඟලන්නේ නැතුව යන්න පටන් ගත්තේ. ඔය වගේ නහරකාරයන්ට ඔහොම තමයි සලකන්න ඕනේ.
මෙවැනි පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කල යුතුයි. මෙය වීඩියෝ එක නිසා අපි දැක්කා. මේ අය තව කීදෙනෙකුට නම් ගහලා ඇතිද?
පොලිසියට අවම බලය යොදන්න පුළුවන් බව නොදන්නා එවුන්.
ගරු ජනාදිපතිතුමනි රට විනාස කරන රටේ නීති වෙනස් කරන අයට දීර්ඝ සිර දඬුවම් ලබා දිය යුතුයි..
බන්දුල මේ කඩාකප්පල්කාරින්ට ඔහොම ගහලා මදි. පොල්ලකින් ගැහුවා නම් ඔයිට වඩා හොඳයි.