රුපියල් හතලිස් පන් ලක්ෂ නමදාස් පන්සිය විසිපහක මුදලක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ජෝඩුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ ගම්පහ කඩවත ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි සහ සපත්තු ව්‍යාපාරිකයෝ වෙති. මොවුහු නිතර නිතර බැංකොක් හා චෙන්නායි අතර ගමන් බිමන් යන එන බව රේගුව කියයි. ව්‍යාපාරික හිතවත් කම් මත දෙදෙනා එකට කිහිප විටක්ම මෙසේ ගමන් බිමන් ගොස් අති බව අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර් දාහත් දහස් හත්සිය පනහක්, යුරෝ පහලොස් දහසක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 402 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට අද අළුයම එකයි හතලිහට පමණ කටුනායකට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අල්ලන මැෂින් වැඩ කරන්නේ එක කට්ටියකට විතරක් වෙන්න ඇති. (ත)
හොරකම සහ යාළුකම (ම)
ව්‍යාපාරික අයටත් සල්ලි අරගෙන යන්න බැරිද .එයාල බදු ගෙවන අයනේ අනේ මන්ද .ඔය සල්ලි බැංකුවේ දාල ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙව්වානම් ඉවරනේ (බ)